උතුරු පළාතේ යුද හමුදාව රැඳී සිටීම දෙමළ වැසියන්ගේ එදිනෙදා ජන ජීවිතයට විශාල බාධාවක් වී ඇති බවත් එබැවින් වහාම උතුරෙන් යුද හමුදාව ඉවත් කරන මෙන් විශාල බලපෑමක් රජයට කරන ලෙස උතුරු පළාත් ප්‍රධාන ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා 20දා යුරෝපා රටවල නියෝජිතයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
උතුරු, නැගෙනහිර තත්ත්වය සොයා බැලීම වෙනුවෙන් මෙරට සංචාරයකට එක්‌ව සිටින යුරෝපා රටවල නියෝජිතයන් හා උතුරු පළාත් ප්‍රධාන ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා අතර සාකච්ඡාවක් 20දා උතුරු පළාත් ප්‍රධාන ඇමැති කාර්යාලයේදී පැවැති අවස්‌ථාවේදී ප්‍රධාන ඇමැතිවරයා මෙම ඉල්ලීම කොට තිබේ.
උතුර, නැගෙනහිර පළාත්වල පවතින හමුදා කඳවුරු හේතුවෙන් උතුරු, නැගෙනහිර ජනතාවගේ ජන ජීවිතයට බාධා එල්ල වී ඇති බවත්, මහවැලි ජලය උතුරු පළාතට ලබාදෙන බවට රජය මුසා බස් පවසා දකුණේ සිංහල ජනතාව උතුරු පළාතේ පදිංචි කොට ඇති නමුත් මහවැලි ජලය තවමත් උතුරු පළාත වෙත ලබාදීම සම්බන්ධයෙන් රජය කිසිදු පියවරක් ගෙන නොමැති බවත් හෙතෙම යුරෝපීය නියෝජිතයන්ට පවසා ඇත.
මෙම සාකච්ඡාවට එක් වෙමින් ප්‍රධාන ඇමැතිවරයා සඳහන් කර ඇත්තේ දිගින් දිගටම රජය විසින් දකුණේ ජනතාව උතුරු පළාතේ පදිංචි කරන නමුත් යහපාලන රජය තුළින් හෝ උතුරු පළාතේ ජනතාවට සාධාරණයක් ඉටු නොවී ඇති බවයි.
හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ අදාළ පිරිස් රජයේ ඔත්තුකරුවන් බවට පත් කොට ඇති බවත් රජයේ හමුදාවන් වෙත සහයෝගය ලබාදීමේ පොරොන්දු මත අදාළ පිරිස් නිදහස් කිරීමටද රජය කටයුතු කරන බවත් හෙතෙම යුරෝපීය නියෝජිතයන් වෙත එහිදී පවසා ඇත.
විග්නේෂ්වරන් මහතා වැඩිදුරටත් පැවසූවේ දෙපාර්ශ්වය අතර උතුරු පළාතේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් හා උතුරේ ජන ජීවිතය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කළ බවයි.
සාකච්ඡාව වෙනුවෙන් යුරෝපීය රටවල් නියෝජනය කරන නියෝජිතයෝ 40 දෙනෙක් පමණ පිරිසක් සහභාගි වී සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...