ප‍්‍රධාන පුවත්

1992දී විදේශ ආයෝජන ගැන වියට්නාම් රජය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් උපදෙස් ගත් බව එතුමා විසින් ප්‍රකාශ කළත් එය පිළිගත නොහැකි බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

අද (21) කොළඹ ජාතික සංවිධාන පොදුමධ්වි‍යස්විථානයේ පැවති මාධ්ධ‍ය හමුවකට එක්වෙමින් එහි විධායක සභික වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මේ බව කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් වසන්ත බණ්ඩාර මහතා පවසා සිටි‍යේ 80 දශකයේ දී මහවැලි ව්‍යාපාරයට පසුව ශ්‍රී ලංකාවේ ආරම්භ කළ දෙවන විශාලතම කර්මාන්ත ව්‍යාපෘතිය වූ බටලන්ද යූරියා කර්මාන්ත ශාලාව වසා දැමූ පුද්ගලයාගෙන් වියට්නාම රජය උපදෙස් ගැනීමට ඉඩක් නැති බවය.

බටලන්ද යූරියා කර්මාන්ත ශාලාව විදේශ ආධාර සහ තාක්ෂණික උපදෙස් මත ඉදිකළ ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවේම විශාලතම කර්මාන්ත ශාලාව වූ බවත් ඊට අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය වන ‘නැප්තා‘ ලබා ගත්තේද ඛනිජ තෙල් පිරිපහදුවෙන්වෙන් බවත් එවැනි වාසිදායක තත්වයක් යටතේ පවා එම කර්මාන්ත ශාලාව පවත්වාගෙන යාමට නොහැකි වූ කර්මාන්ත අමාත්‍යවරයා අන් රටවල්ට උපදෙස් දෙන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කර සිටියේය.
මෙම මාධ්‍ය හමුවට ප්‍රවීන මාධ්‍යෙව්දී මොහාන් සමරනායක, ජාතික ගොවි එකමුතුවේ කැදවුම්කරැ රජ රට අනුරාධ තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් සහභාගීවී සිටියහ.

රනිල්ගෙන් උපදෙස් ගන්න තරම් වියට්නාම් රජය මෝඩ නැහැ…!

Gepostet von Lanka Lead News am Dienstag, 21. August 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More