දුම්රිය සේවකයින්ට වැටුප් වැඩි කිරීමක් සිදු නොකරන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා අවධාරණය කරයි.
එක් කණ්ඩායමකට පමණක් වැටුප් වැඩිවීමක් ලබාදීමෙන් තවත් කණ්ඩායම් ගණනාවකට විෂමතා ඇතිවන බවත් එම නිසා එය කළ නොහැකි බවත් මංගල සමරවීර මහතා සඳහන් කළේය.
දුම්රිය සේවකයින්ට වැටුප් වැඩිවීමක් ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාව පළකර ඇති බවට වාර්තා පළවන අතර එලෙස වැටුප් වැඩිවීමක් ලබාදෙනවාදැයි මුදල් අමාත්‍යංශයේ ඊයේ (20) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසී ය.
සියළුය රජයේ සේවකයන්ගේ වැටුප් සංශෝධනය කිරීම සදහා වැටුප් කොමිසම කටයුතු කරන බවත් එහි නිර්දේශ ඉදිරි මාස 2ක කාලයේදී ලබාගන්නා බවත් ඇමතිවරයා පැවසීය.
ඒ අනුව සියළු රජයේ සේවන වැටුප් සංශෝධන සිදු කරන්නේ යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
කෙසේ වෙතත් පසුගියදා පැවැති දුම්රිය වර්ජනය නවතා දැමීමට වෘත්තිය සමිති තීරණය කර තිබුණේ පොළොන්නරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිවසේදී පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
එහිදී ජනාධිපතිවරයා වර්ජනයේ නිරත දුම්රිය සේවකයන්ගේ ගැටළුවලට කඩිනම් විසඳුම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව පොරොන්දු වීම හේතුවෙන් වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා පැවසී ය.
ඒ අනුව ජනාධිපතිවරයා දුම්රිය වෘත්තීය සමිතිවලට ලබා දුන් පොරොන්දුව “කඩවුණු පොරොන්දුවක්“ වී තිබේ. ඊට හේතු වී ඇත්තේ දුම්රිය සේවකයින්ගේ වැටුප් වැඩි නොකරන බවට මුදල් ඇමැති මංගල සමරවීර මහතාගේ දැඩි ස්ථාවරයයි. මේ නිසා ජනාධිපතිවරයාගේ තීරණය පවා ක්‍රියාත්මක නොකර මුදල් ඇමැතිවරයා කටයුතු කිරීමෙන් යළිත් දුම්රිය වර්ජනයක් ඇතිවීමේ ඉඩ කඩක් ඇතැයි වෘත්තීය සමිති පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...