වැලිකඩ බන්ධනාගාරයේ ඊයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමගින් එහි ආරක්ෂාව තහවුරු කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා තිබේ.
වැලිකඩ බන්ධනාගාරයේ තෝරා ගත් ස්ථාන කිහිපයකට මෙසේ පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා තිබේ. ඊයේ බන්ධනාගාර නිලධාරින් හා විරෝධතාවක නිරත වූ බන්ධනාගාර කාන්තා රැඳවියන් අතර ගැටුමක් ඇතිවූ අතර එහිදී බන්ධනාගාර නිලධාරීන් 8ක් තුවාල ලැබීය.
මෙහිදී රැඳවියන් කිහිප දෙනෙකුද තුවාල ලැබූ අතර මීට දින කිහිපයකට ඉහතදීද කාන්තා රැඳවියන් බන්ධනාගාරයේ වහළයක් මතට නැගී විරෝධතාවක නිරත විය.
මේ අතර බන්ධනගාරවල ක්‍රියාත්මක වූ ජාවාරම් මැඩලීමට කටයුතු කිරීමත් සමඟ මෙවැනි කලහකාරී සිදුවීම් ඇති කිරිමට ඇතැම් පිරිස් උත්සාහ දරන බව අද(21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බන්ධනාගාර අධීක්ෂණ මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...