වවුනියාව නෙඩුන්කේණී ඕලුමඩුව පළාතේ පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුතු වඩිනාගල බෞද්ධ නටබුන් සහිත ස්ථානය ආක්‍රමණය කර ඇති අන්‍ය ආගමිකයන් පිරිසක් එහි ඔවුන්ගේ කෝවිලක් ඉදි කිරීමේ සූදානමක් පවතින බවට වාර්තා වේ.
මීට දින දහයකට පමණ ඉහතදී මේ ස්ථානයේ නිධන් හෑරීමට දකුණේ සිට පැමිණි හතර දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වූ අතර ඉන් පසුව එම ස්ථානයේ කිසියම් පිරිසක් විසින් වැඳුම් පිදුම් කිරීමට පියවර ගෙන ඇත.
එහිදී කෝවිල ඉදිකිරීමට පටන් ගෙන ඇති පිරිස කියා සිටින්නේ එම ස්ථානය තමන්ගේ ආගමට අයත් නිසා නිධානය බේරා ගැනීමට කෝවිලක අවශ්‍යතාව මතුව තිබෙන බවයි.
නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මීට වසර ගණනාවකට පෙර මේ ස්ථානය බෞද්ධ නටබුන් සහිත පුරාවිද්‍යා ස්ථානයක් බවට හඳුනාගෙන ඇති අතර එය තවුරු කිරීමක්ද සිදු කොට ඇති බවට තොරතුරු ලැබී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...