දේශීය පුවත්

පළාත් සභා මැතිවරණය නව ක්‍රමයට පැවැත්වීම වෙනුවෙන් ලබන 24දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන සීමානිර්ණ කොමිසමේ වාර්තාව විවාදයට ගෙන ඡන්දය විමසන අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් ඡන්දය දීමෙන් වැළකී සිටිනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

නව ක්‍රමයට මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් ඉදිරිපත් කළ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත 3/2කින් සම්මත වූ අතර සීමානිර්ණ වාර්තාවද තුනෙන් දෙකකින් සම්මත විය යුතු බවට වගන්තියක් ද එහි ඇතුළත් වේ.

ඒ අනුව පළාත් සභා මැතිවරණය නව ක්‍රමයට පැවැත්වීමට නම් සීමානිර්ණය වාර්තාවද තුනෙන් දෙකකින් සම්මත විය යුතුය. නමුත් ආණ්ඩුවේ සුළු පක්ෂ වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මෙන්ම වතුකරය නියෝජනය කරන සුළු පක්ෂද නව ක්‍රමයට මැතිවරණය පවත්වනවාට විරෝධය පළ කර ඇත.

ඊට අමතරව එක්සත් ජාතික පක්ෂයේ වැඩිපිරිසක්ද නව ක්‍රමයට ඡන්දය පවත්වනවාට විරුද්ධ අතර දෙමළ ජාතික සන්ධානයද නව ක්‍රමයට අකමැති බව ප්‍රකාශ කර තිබේ. මේ නිසා මන්ත්‍රීවරු රැසක් එදින පාර්ලිමේන්තු නොපැමිණෙනු ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ආණ්ඩුවට 3/2ක ඡන්ද සංඛ්‍යව පාර්ලිමේන්තුව තුළ නොමැති අතර 24 දා ඡන්දය විමසන අවස්ථාවේ මන්ත්‍රීවරු බහුතරයක් එය මගහැර යනු ඇති බවටද දැනගන්නට ඇත. ඒ අනුව සීමානිර්ණ වාර්තාව පරාජය වුවහොත් පැරණි මනාප ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More