දේශීය පුවත්

යාපනයේ සියලුම මංමාවත් හා ගම්වල නම් නාම පුවරු වල යෙදීමේදී දෙමළ නම් දෙමළෙන් ඇති ආකාරයට දෙමළ භාෂාවට ප්‍රමුඛත්වය ලබා දෙමින් ප්‍රදර්ශනය කළ යුතු බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් යාපනයේ සියලුම නිලධාරීන්ට දැනුම් දී තිබේ.

යාපනයේ පළාත් පාලන ආයතන නිලධාරීන් පිරිසක්‌ සමග 18 දා යාපනයේදී පැවති සාකච්ඡාවකදී ප්‍රධාන අමාත්‍යවරයා මේ බව දැනුම් දී තිබේ.

බෞද්ධ භික්‍ෂුන් වහන්සේගේ හා ආරක්‍ෂක අංශ ප්‍රධානීන්ගේ වුවමනාවක්‌ මත යාපනය ඇතුළු උතුරේ බොහෝ ගම්වල නම් නාමපුවරු වල යෙදීමේදී දෙමළ නම් සිංහලට පරිවර්තනය කොට යොදා ඇතත් එය විශාල වරදක්‌ බවද ප්‍රධාන අමාත්‍යවරයා පවසා ඇත.

මේ සඳහා උදාහරණ ගණනාවක්‌ දී ඇති ප්‍රධාන අමාත්‍යවරයා යාපනයේ නාගදීපයක්‌ නැති බවත් ඇත්තේ නයිනතීව් පමණක්‌ බවත් නිලධාරීන්ට පෙන්වා දී තිබේ. නාගදීපයට යන පාර සම්බන්ධයෙන් යාපනයේ එක්‌ ස්‌ථානයක සවිකොට ඇති නාම පුවරුව (ඡායාරූපයේ ඇති) සම්පූර්ණයෙන්ම වැරදි බවද ප්‍රධාන අමාත්‍යවරයා පවසා ඇත.

වහාම මෙම නාමපුවරු නම් කිරීම ඉතා ඉක්‌මනින් සිදු කරන ලෙස උපදෙස්‌ දී ඇති ප්‍රධාන අමාත්‍යවරයා නාමපුවරු වල නම් යෙදීමේදී උතුරේ වැඩි ජනගහනයක්‌ දෙමළ නිසා මුලින්ම ඒ නම් දෙමළ භාෂාවෙන්ද, විදේශීය සංචාරකයින් මේ පළාත්වලට පැමිණෙන නිසා දෙවනුවට ඉංග්‍රීසි භාෂාවෙන්ද තුන්වෙනුව සිංහලෙන්ද නාමපුවරු ලකුණු කරන මෙන් දැනුම් දී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More