දේශීය පුවත්

නීති ගරුක පුරවැසියකු විසින් ඉටු කළ යුතු යුතුකමක් ලෙස මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගැනීමේ සිද්ධිය පිළිබඳ කථානායක කරු ජයසූරිය මහතා ඔහු දන්නා සියලු තොරතුරු පොලිසියට පැවැසූ බව කථානායක කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

මාධ්‍යවේදී කිත්නෙයාර් මහතා පැහැර ගැනීම පිළිබඳව පොලිසිය විසින් පවත්වන ලද පරික්ෂණයන්හිදී කථානායක කරු ජයසුරිය මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම පිළිබඳව විවිද මාධ්‍යයන්හි පලවූ වාර්තාවන් පිළිබඳව එතුමාගේ අවධානය යොමු ව ඇත.

අදාල පැහැර ගැනීමේ සිද්ධියෙන් පසුව පුවත්පත් කතෘවරු සහ සහ මාධ්‍යවේදින් කිහිපදෙනෙකුගෙන්ම ප්‍රකාශයන් ලබා ගැනුනු අතර, ඒ සමඟින්ම ගරු කථානායතුමාගෙන්ද ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බව පොලිසිය විසින් අධිකරණය දැනුවත් කර ගරු අධිකරණයේ අනු දැනුම ඇතිව කථානායකතුමාගෙන් පැය 04 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගන්නා ලදී.

එහිදී නීති ගරුක පුරවැසියෙකු විසින් ඉටු කල යුතු යුතුකමක් ලෙස තමා අදාල සිද්ධිය පිළිබඳ දත් සියළු තොරතුරු පැහැදිලිව සඳහන් කර ඇත.

නමුත්, මෙම ප්‍රකාශ ලබා දෙන ලෙස හෝ එය කවර ආකාරයක ප්‍රකාශයක් ද ? යන්න පිළිබඳව කිසිදු පාර්ශවයක බලපෑමක් හෝ යෝජනාවක් සිදු නොවූ අතර, එය හුදෙක් අධිකරණය දැනුවත් කර පොලිසිය මඟින් කරන ලද නිත්‍යානූකූල ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීමක් පමණී.

එමෙන්ම අදාල ප්‍රකාශය කිසිදු පාර්ශවයක් පිළිබඳ ද්වේශ සහගත හැඟීමකින් සිදු නොකරන ලද බවත්, නීතිගරුක පුරවැසියෙකු ලෙස නීතියත්,යුක්තියත් ඉටු කිරීමට සහාය දීමක් පමණක් බවත්, ගරු කථානායකතුමා අවධාරණය කරයි.

– කථානායක මාධ්‍ය ඒකකය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More