වැලිකඩ බන්ධනාගාරයේ වහලයක් මත නැඟී කාන්තා රැඳවූවන් පිරිසක් ආරම්භ කළ විරෝධතාව අතරතුර ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් 8ක් තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර කාන්තා රැඳවූවන් 52ක් වෙනත් බන්ධනාගාරවලට මාරු කර යවා තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරයේ සිටි කාන්තා රැඳවූවන් පිරිසක් බන්ධනාගාරයකට මාරු කිරීමට එරෙහිව ඔවුන් විරෝධතාවයේ නිරතවූ බව වාර්තා වෙයි.
එම අවස්ථාවේදී කාන්තා රැඳවූවන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතර එහිදි කාන්තා රැඳවූවන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
ඔවුන් මේ වන විට වෛද්‍යවරයෙකු වෙත යොමු කර ඇති බව බන්ධනාගාර අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වන නඩු කඩිනම් කරන ලෙස ඉල්ලමින් මීට පෙර ද වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් පිරිසක් එහි වහලය මත නැඟී විරෝධතාවක නිරත වුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...