උතුරේ ජනාකීර්ණ ස්ථාන රැසක ඇති යුද ස්මාරක මගින් දෙමළ ජනතාව තුළ යුද්ධයේ අතීත අමිහිරි අත්දැකීම් යළි යළිත් සිහිගන්වන නිසා එම ස්මාරක ඉවත් කිරීමට හෝ යළි ප්‍රතිනිර්මාණය කිරීමට කටයුතු කරන ලෙස උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා ඉල්ලා සිටී.
ඉකුත්දා (17) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවමින් ප්‍රධාන අමාත්‍යවරයා මේ බව දන්වා තිබේ.
උතුරු පළාතේ ප්‍රධාන නගරවල පිහිටුවා තිබෙන මෙම යුද ස්මාරක මගින් දෙමළ ජනතාව තුළ වෛරය හා ජාතිවාදී හැඟීම් වර්ධනය වීමට හේතුවක් වන බවත් උතුරු නැගෙනහිර පැවැති යුද්ධයෙන් පසු මෙම කාල පරිච්ජේදය තුළ වත්මන් රජය සංහිඳියාවේ ප්‍රවේශයකට ගමන් කරමින් සිංහල හා දෙමළ ජනතාව අතර අනේයා්න්‍ය අවබෝධය හා ජාතික සමගිය ඉස්මතු කරවීමේ තවත් පියවරක් ලෙසට මෙම ස්මාරක ඉවත් කිරීම හෝ යළි ප්‍රතිනිර්මාණය කරන ලෙස උතුරු පළාත් මහ ඇමැතිවරයා යැවූ මෙම ලිපියේ සඳහන් වෙයි.
මෙම කාරණය සැලකිල්ලට ගෙන ඉදිරියේදී මෙවැනි ස්මාරක ඉදිකිරීම නවත්වන ලෙසටත් ආරක්ෂක අංශ වෙත නියෝග කරන ලෙසද මෙම ලිපිය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
විග්නේෂ්වරන් මහතා කළ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙයි. උතුරු පළාත් සභාව විසුරුවීමෙන් පසු කිලිනොච්චි ප්‍රදේශය තුළ විහාරස්ථාන දෙකක් ඉදිකිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සැලසුම් සකස් කරමින් සිටින බවට විග්නේෂ්වරන් මහතා ඉකුත් 23දා දෙමළ පුවත්පතකට කර තිබෙන ප්‍රකාශය සම්පූර්ණයෙන් සාවද්‍ය බව එම නිවේදනයේ සඳහන් වෙයි.
පටු දේශපාලන වාසි තකා සැමවිට අසත්‍ය ප්‍රකාශ සිදුකරන විග්නේෂ්වරන් මහතා උතුරේ යුද ස්මාරක මගින් දෙමළ ජනතාව තුළ වෛරයක් ඉස්මතු වන බව ප්‍රකාශ කිරීම තවත් සාවද්‍ය ප්‍රකාශයක් බවද එම නිවේදනය මගින් පෙන්වා දෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...