ප‍්‍රධාන පුවත්

බියට පත් සිංහල ධීවරයෝ නයාරු අතහැර යති..

මුලතිව් නායාරූ ධීවර ගම්මානයේ ධීවර වාඩිවලට ගිණි තැබීමෙන් පසුව ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති නිසා බියට පත් දකුණේ සිංහල ධීවර පවුල් නායාරූ ධීවර වාඩි අතහැර ගොස් තිබේ.

ඔවුන්ට ඔවුන්ගේ ගම්බිම් බලා යාම සදහා ආරක්ෂාව සපයා දෙන මෙන් කළ ඉල්ලීමට අනුව එම ධීවර පවුල් වලට වවුනියාව දක්වා ආරක්ෂාව සපයා දී තිබේ.

නායාරූ ධීවර වාඩි වලට දකුණෙන් පැමිණ මසුන් මරමින් සිටි සිංහල ධීවර පවුල් ඔවුන්ගේ බඩුබාහිරාදිය හා ධීවර ආම්පන්න රැගෙන ගොස් ඇති අතර ඔවුන් ආපසු නො පැමිණෙන බවද පවසා තිබේ.

මුලතිව් නායාරූ මුහුදේ මේ දකුණේ ධීවරයෝ එම කර්මාන්තයේ නිරතව සිටින්නේ මීට වසර හැත්තෑවකටත් ඉහත සිටයි.

නයාරු ප්‍රදේ‍ශයේ සංචාරක ධීවර කර්මාන්තයේ යෙදී සිටි ධීවරයින් පළවා හරින ලෙස පසුගියදා මුලතිව් ධීවරයින් විරෝධතා වැඩසටහන් පැවැත්වු අතර, අදාළ විරෝධතාවයන්ගෙන් අනතුරුව පසුගිය 13 වැනිදා නයාරු ප්‍රදේශයේ සංචාරක ධීවරයින් නැවති සිටි ධීවර වාඩි වෙතද කිසියම් පිරිසක් ගිනි තබා තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් උතුරු පළාත් සභා මන්ත්‍රී ටී. රවිහරන් මහතා පැවසූවේ දකුණු පළාතේ සිට නයාරු වෙත ධීවර ජනතාව පැමිණ ධීවර කටයුතු සිදුකිරීම හේතුවෙන් මුලතිව් ධීවර ජනතාවට අසාධාරණයක් සිදුව ඇති බවත් දකුණේ ධීවරයින්ට මසුන් ඇල්ලීමට විශාල ප්‍රදේශයක් පවතින බැවින් අදාළ සංචාරක ධීවරයින්ට ඇති වු ගැටළුව හමුවේ නයාරු ප්‍රදේශයේ නැවති සිටි ධීවරයින් ඉවත් කරන ලෙසට තමන් ඉල්ලා සිටි බවය.

සංචාරක ධීවරයින් මුලතිව් ප්‍රශදේශයේ මසුන් ඇල්ලීම හේතුවෙන් ගැටළු රැසක් උද්ගතව ඇති බැවින් අදාළ පිරිස් ඉවත් කිරීම සුදුසු වන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

නයාරු ධීවර වාඩිවලට ගිනි තැබීමෙන් ධීවර වාඩි 8 ක් සහ බෝට්ටු 2 ක් ගිනිගෙන විනාශ වි ඇති අතර, ධිවර වාඩිවල තිබු දැල් ආම්පන්න තොගයක්ද ගින්නට හසු වී විනාශ වි තිබේ.

හලාවත,මීගමුව ආදි ප්‍රදේශවල සංචාරක ධීවරයින් පිරිසක් පැමිණ නයාරු ප්‍රදේශයේ ධීවර රැකියාව සිදුකළ අවස්තාවේද මුලතිව් ධීවර ජනතාව ඊට දැඩි විරෝධතාවයක නිරත වූහ.

මුලතිව් නායාරූ ධීවර ගම්මානයෙන් සිංහල වැසියෝ පොලිස් ආරක්ෂාව මැද ඉවත්ව යන ඡායාරූප මෙහි දැක්වේ

දිනසේන රතුගමගේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More