මුහුණු පොතෙන්

ජේ.ආර්. පොරක් ද​?

August 18, 2018 9:40 pm | Lanka Lead News

සාමාන්‍යයෙන් ලංකාවෙ පවතින මතයක් අනුව ජේ.ආර්. කියන්නෙ සුපිරි ආර්ථික වැඩ්ඩෙක් (රනිල් ගෙ ආර්ථික මොළේ පිළිබඳ මිත්‍යාවත් ඒකෙම දිගුවක් මම හිතන්නෙ).

ඒත් මේ කතාව ඇත්ත ද​?

අපි දත්ත සහ ඉලක්කම් අරගෙන බලමු.

ජේ.ආර්. 1977 බලයට එද්දි ලංකාවෙ දළ දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් බිලියන 4.1045.

ජේ.ආර්. 1988 විශ්‍රාම යද්දි ලංකාවෙ දළ දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් බිලියන 6.9784.

ඒ කියන්නෙ ජේ.ආර්. ගෙ වසර 11 ක පාලන කාලය තුල ලංකාවෙ ආර්ථිකය ඇමරිකන් ඩොලර් බිලියන 2.8739 කින් වර්ධනය වෙලා තියෙනවා. මේක 1977 අගයට සාපේක්‍ෂව 170% ක වර්ධනයක්.

දැන් අපි මේක සසඳල බලමු සිරිමාවෝ මැතිණියගෙ 70-77 පාලන සමයත් එක්ක​. සාමාන්‍යයෙන් කියන්නෙ සිරිමාවෝ කාපු ආර්ථිකය ජේ.ආර්. ඇවිල්ල ගොඩ දැම්ම කියල නෙ.

1970 දි මැතිණිය බලයට එද්දි ලංකාවෙ දළ දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් බිලියන 2.2965.

මැතිණිය 1977 විශ්‍රාම යද්දි ලංකාවෙ දළ දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් බිලියන 4.1045.

ඒ කියන්නෙ මැතිණිය ගෙ වසර 7 ක පාලන කාලය තුල ලංකාවෙ ආර්ථිකය ඇමරිකන් ඩොලර් බිලියන 1.8080 කින් වර්ධනය වෙලා තියෙනවා. මේක 1970 අගයට සාපේක්‍ෂව 178% ක වර්ධනයක්!!!

(මේකට කෙලින්ම අදාල නැතත් අපි ආතල් එකට මහින්ද ගෙ කාලෙ ගත්තොත් ආර්ථික වර්ධනය 2005 අගයට සාපේක්‍ෂව 330% !!!)

ඒ කියන්නෙ මැතිණිය ගෙ කාලෙ ලංකාවෙ ආර්ථිකය ජේ.ආර්. ගෙ කාලෙට වඩා වේගෙන් වර්ධනය වෙලා තියෙනවා.

ජේ.ආර්. ඇත්තෙන්ම කලේ මොකද්ද​? වර්ධනය වෙමින් තිබුන දේශීය කර්මාන්ත ආරක්‍ෂා කිරීමෙන් තොරව ආර්ථිකය විවෘත කරපු එක​. ඒකෙන් වුනේ දේශීය කර්මාන්ත බිඳ වැටීම​. අන්තිමට ආපු විදේශ ආයෝජකයෙකුත් නෑ.

ජේ.ආර්. ගෙම වැරදි කළමණාකරනය නිසා රට දෙකොන දැවෙන විලක්කුවක් බවට පත් වීමෙන් මේක තවත් නරක අතට හැරුන​.

ජේ.ආර්. ගෙ මාස්ටර් පීස් එක හැටියට සැලකෙන කඩිනම් මහවැලි ව්‍යාපෘතිය කියන්නෙ මොකද්ද​?

1961 මැතිණිය ගෙ රජයේ ආරාධානාවක් පරිදි එක්සත් ජාතීන් ගේ සංවිධානයෙන් කරපු අධ්‍යනයකින් හදපු මූලික සැලැස්මක් මත පදනම් වෙලා 1965 දී ඩඩ්ලි සේනානායක ගෙ රජය සමයේ කරපු දෙවැනි අධ්‍යනයකින් හදපු 30 අවුරුදු සැලැස්මක් අනුව 1975 මැතිණිය ගේ රජයෙන් ආරම්භ කරපු ව්‍යාපෘතියක් අවුරුදු 6 කින් නිම කිරීමට සැලැසුම් වෙනස් කිරීම (වැඩේ ඉවර කරන්න අවුරුදු 13ක් ගියා. ඒක වෙනම කතාවක්).

ජේ.ආර්. ගෙ පාර්ලිමේන්තුවේ සහ මහපොළවේ ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ ඝාතනය කිරීම​, මහා පරිමාන මැතිවරන දූෂන​, 83 කළු ජූලිය​, මිනිස් ඝාතන​, මාධ්‍යවේදීන් මර්ධනය කිරීම​, උසාවියට ගල් ගැසීම​, අන්තර්ජාතික සබඳතා අවුලෙන් අවුලට පත් කිරීම​, මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම​, දේශපාලන විරුද්ධවාදීන් සිරගත කිරීම වගේ දේවල් සැලකුවොත් ජේ.ආර්. කියන්නෙ ඇවිදින ගූ ගොඩක්.

ඒව අමතක කරල ආර්ථිකය විතරක් ගත්තත් ජේ.ආර්. කියන්නෙ මහ ලොකු පොරක් නෙවෙයි.

©️සසර සැරිසරන පාදඩයා

එකතු කිරීමක් : කඩිනම් මහවැලි යෝජනා ක්‍රමයෙම සදහන් වුනු අවසාන ව්‍යාපෘතිය තමයි මොරගහකන්ද ව්‍යාපෘතිය.. ඒ අනුව කඩිනම් මහවැලි ව්‍යාපෘතිය අවසන් වෙන්න අවුරුදු 40ක් ගත උනා කිව්වත් වරදක් නෑ..

Wishwa Chinthana



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More