ප‍්‍රධාන පුවත්

1815දී වැටුණු වළටමයි අපි 2015දී වැටුණේ. 1815දී අපිව රැවැට්ටුවේ අධිරාජ්‍යවාදීන්. 2015දී අපිව රැවැට්ටුවේ නව යටත්විජිත වාදයේ ඒජන්තයන්” යැයි නිදහස් කලා සන්ධානයේ සභාපති සුදත් රෝහණ පැවැසුවේය.

‘බදු දඩයමට එරෙහි කලාකරුවෝ, සීරුවෙන් සිටින්!’ මැයෙන් පෙරේදා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී නිදහස් කලා සන්ධානය පැවැත්වූ සම්මන්ත්‍රණයකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ සුදත් රෝහණ මහතා,
”දැන් මේ රට පාලනය කරන කළු සුද්දෝ අපිට බදු පිට බදු ගහනවා. 2017 බදු පනතෙන් කලාකරුවන්ට තියෙන සියලු සහන නැති කළා විතරක් නෙවෙයි අපිට අලුතෙන් බදු ගැහුවා. නාට්‍ය, ටෙලි නාට්‍ය, සිනමාව, සාහිත්‍ය, සංගීතය සියලු දේට බදු පනවලා තියෙනවා. එකම නිර්මාණයක් බදු අවස්ථා කිහිපයකට යටත් වෙනවා. මේක ඉතා භයානක කාරණාවක්. අද වෙනකොට නිෂ්පාදකවරු ටෙලි නාට්‍යවලට මුදල් ආයෝජනය කරන්නේ නැහැ. මේ බදු පැනවීම සියලු දෙනාටම පිළිලයක් බවට පත් වෙලා තියෙනවා.

සමාජයේ සියලු දෙනාම බදු ගෙවද්දී අපි බදු ගෙවන්නේ නැහැ කියලා අපි කියන්නේ නැහැ. අපේ බොහෝ අය දැනටමත් බදු ගෙවනවා. අපි කියන්නේ මේ බදු ගෙවීම තුළ නම්‍යශීලී ප්‍රතිපත්තියක් තිබිය යුතුයි කියලා. මේ තත්ත්වය තුළ ටෙලි නාට්‍යවල වැඩ කරන ටී බෝයිලාටත් බදු ගෙවන්න වෙනවා. ලංකාවේ කලාකරුවන්ට එක දිගට වැඩ ලැබෙන්නේ නැහැ. නමුත් මේ බදු ක්‍රමයෙන් මාසික බද්දක් අය කරනවා.

මේ බදු ක්‍රමය නිසා අපිට කලාකරුවන්ව එකම වේදිකාවකට ගෙන්වන්න පුළුවන් වුණා. ඒ වේදිකාව තුළ අපිට ”බදු දඩයමට එරෙහි කලාකරුවෝ සීරුවෙන් සිටින්!” කියලා සංවිධාන ගත වෙන්න හැකියාව ලැබුණා.

අපි ජනාධිපති ප්‍රමුඛ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා මේ බදු දඩයම නවත්වන්න කියලා. ඊට පස්සේ මේ බදු ඉවත් කළා කියලා ප්‍රචාරය යැව්වා. කොහොම නමුත් අපිට දැනගන්න ලැබුණා ජනාධිපතිවරයා මේ බදු ඉවත් කරන්න කියලා තිබුණා. දැන් අපිට තේරෙන්නේ නැහැ ජනාධිපතිතුමා රඟපාලා අපිව ප්‍රේක්‍ෂකයෝ කරනවද? නැත්නම් ඔහු කියන දේ නිලධාරීන් අහන්නේ නැද්ද කියලා අපිට සැකයි.

ආණ්ඩුවට දැන් එක්තරා විදියකට මේ නිදහස් කලා සන්ධානය හිසරදයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම අපි කලාකරුවොත් එක්ක කතා කරනකොට අපිට දැනෙන දෙයක් තමයි තවමත් කලාකරුවෝ ආණ්ඩුව කියන දේවල්වලට රැවටිලා ඉන්නේ.

රාජ්‍ය මාධ්‍යවලට අපි කියන්න කැමැතියි ඔබ ඔය පෙට්ටි කඩයක් කියන නිදහස් කලා සන්ධානය තමයි මේ වෙනකොට ලංකාවේ වැඩිම කලාකරුවෝ පිරිසක් නියෝජනය කරන ප්‍රබලම සංවිධානය. ඒ නිසා කොතරම් දරුණු මර්දන ආණ්ඩුව ක්‍රියාත්මක කළත් වාද භේදවලින් තොරව අපි එකට එක්වෙලා කටයුතු කරනවා. කලාකරුවන් කොතරම් තමන්ගේ අයිතිවාසිකම් අහිමි වුණත් නිහඬයි. ඒක ලොකු ඛේදවාචකයක්. මෙතරම් බලයක් තියෙන කලාකරුවන් නිහඬ විය යුතු නැහැ කියලා අපි කියනවා.”

මව්බිම



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More