මේ චායාරුපය පරණ මතකයක් අලුත් කරනවා. මගේ මතකේ හැටියට මිට අවුරුදු 20-25ත් අතර කාලය තුල, ජාතික රුපවාහිනියේ ඉංග්‍රීසි වාර්ථා වැඩසටහනක් සිංහල උපසිරැසි එක්ක ගියා, මට ඒ වැඩසටහනේ සම්පුර්ණයෙන් මතක නැතත්, ඒකෙ අන්තර්ගතයේ තිබ්බේ, අපේ දුෂ්කර පලාතක පිහිටි ගමක එදිනෙදා ගත කරන ජීවිතය ගැන. එකේ සීල ව්‍යාපාරයක් ගැනත් අඩන්ගුවක් තිබ්බ. මම හිතන්නේ, මේ ගම ඒ වෙනකොට සුරසේනලට ඉව නොවැටුණු ගමක් වෙන්න පුළුවන්.
එකේ සුදු නිවේදකයා මේ වගේ වයසක අම්ම කෙනෙක් මෙවැනි කෑලෑ ආශ්‍රිත පසුබිමක සිදුකරපු සීල ව්‍යාපාරයක් අතර තුර කරන සම්මුඛ සාකච්චාවක් අදටත් මට මාවම ප්‍රශ්ණ කරවන මතකයක් ඉතුරු කරල තියෙනවා. නිවේදකයා මේ වගේ වයසක අම්ම කෙනෙක්ගෙන් (රළු වශයෙන් අවු. 70 ඉක්මවූ) අහනවා, ඔයා වැඩියෙන් කැමති, සැප සම්පත් බහුල බටහිර රටක ඉපදෙන්නද, නැත්තන් මේ වගේ පහසුකම් අඩු, දුෂ්කර ජිවිතයක් ලබන්නද කියල. පරිවර්තකයාගේ සහයෙන් ප්‍රශ්ණය තෙරුන් ගන්න ඒ අම්මගේ රුජු පිළිතුර වුනේ ලංකාවේ කොහේ වුනත් කමක් නැහැ මහත්තයෝ කියල. මේ පිළිතුර ඉතා සාවධානව, රුජුව සහ හිතන්න කිසිදු අමතර කාලයක් නොගෙන ලබා දෙන්නක්. ඒ අම්මගේ පිළිතුරේ තිබ්බ මේ රුජුපටිපන්න ගුණය නිසා නිවේදකයා ටිකක් අඤ්ඤකොරෝස් වෙනවා. ඔහු පෙරලා අහනවා, ඇයි එහෙම කිවුවේ කියල. අම්මගේ පිළිතුර වෙන්නේ, මහත්තයෝ, ඔය මොන දිපන්කරේ ඉපදුනත් පිරිසිදු ශ්‍රී ධර්මය ගැටෙන්නේ නැත්තන් ලබන මනුස්ස ආත්මයෙන් වැඩක් නැහැනේ මහත්තයෝ කියල. ඒකට නිවේදකයා සහ කණ්ඩායමේම ඇස් උඩ ගිහින් සලිත වෙන ස්වභාවයක් දැක්ක.
මිනිසාගේ ලවුකිකය (ඒකමාන සහ ඒ තුල පිහිටුවා ගත් අනු-මාන) පිනවීම අරමුණු කරගෙන නිර්මාණය වුන නුතනයට (ආගම පවා) මේ පිළිතුර හරිම ග්‍රාම්‍ය සහ අවක්ඥාවෙන් බැහැර කරන පිළිතුරක් වෙන්න පුළුවන්. නමුත් මට අදටත් මේක ඔළුවේ වදදෙන ප්‍රශ්ණයක්. මේ ප්‍රශ්නය සහ පිළිතුරට නුතන බටහිර සමාජ, ආර්ථික විද්‍යාත්මක ක්‍රමවලින් දෙන්න පුළුවන් අර්ථකතන හරිම සිමාසහිත රේඛිය ස්භාවයක් මම දකිනවා. නමුත් මිනිසාගෙන් සිමා නොවී, සමස්ථ ලෝක සත්වයාගේ එකිනෙකින් සපුරා වෙනස් ලවුකිකයෙන් ඔබ්බට ලෝකෝත්තරය (බහුමාන සහ ඒවා තුල පිහිටුවා ගත් අනු-මාන) වෙනුවෙනුත් ජීවත් වෙන්න පුරුදු කරපු අපිට මේ නුතන බටහිර දකින සමාජ සහ ආර්ථික විග්‍රහයන් ඉතාම දුප්පත් සහ නොමේරු බවයි මගේ හැඟීම. මගේ දැනුම් සිමාවේ හැටියට, සම්බුද්ධ දේශණාව කියන්නේ මේ බහුවිචල්‍ය සහිත මානයන් ප්‍රශස්ත (ඔප්ටිමල්) තත්වයෙන් විදින්නේ කොහොමද සහ අවසාන අරමුණ වෙන සර්වත්‍ර ප්‍රශස්තයට (ග්ලෝබල් ඔප්ටිමල්) ලඟා වෙන්නේ කියල දෙන දැනුම් පද්දතිය. ඒ ගමනේ බෞද්ධ වන අපි එකිනෙකා විවිධ වූ අවධීන් ගත කරමිනුයි ඉන්නේ. ඒ අතින් නිවණට අදාල මේ දැනුම් පද්දතිය (පරම) විද්‍යාව ලෙසත්, ඉන් පරිබාහිර සියල්ල අවිද්‍යාව යටතට වැටීම බුද්ධ දේශණාව වීම වඩාත් නිවැරදි වර්ගීකරණය ලෙස මම දකිනවා.
බටහිර දැනුමට අදාලව කරුණු එකතු වෙන තරමට මට අර ගමේ අම්මගේ පිළිතුරේ එතුමියගේ මේ ප්‍රශස්තය වෙනුවෙන් ජිවිතයේ තියෙන ගැඹුරු කියවීම ගැන එක අතකට පුදුම වෙනවා, අනිත් අතට හැල්මේ දුවන මම අදටත් ප්‍රශ්ණ කරමිනුයි ඉන්නේ. මම හිතන්නේ, ඒ අම්මා සහ මේ චායාරුපයේ ඉන්න අම්මා කුමන සමාජ තලයක් නියෝජනය කරත්, ඒ ගැඹුරු කියචීමේ ඉන්න පිරිස්. ඒ වගේම නිවනට අදාලව පිරිසිදු කියවීම ලෙස අපි සලකන්නේ ථෙරවාදී ඉගැන්වීම. මේ මාර්ගය පවත්වාගෙන යන්න සිංහල-බෞද්ධ ජාතිකත්වය කියන්නේ පාරුව වගේ අනිවාර්ය සාධකයක්.
ඒ අතින්, මේ මෑණිවරුන් අපිට (හැල්මේ දුවන) වඩා අවිඤ්ඤාණිකව ගවුගණනක් ඉදිරියෙන් ඉන්න ජාතිකවාදීන් සහ එහි පෙරගමන්කරුවන් ලෙස සලකන්න පුළුවන්. ජාතිකත්වය කියන්නේ, කුමන හෝ පුද්ගලයෙක් (දේශපාලකයෙක්, හෝ සමුහයක්) පිනවීම අරඹයා ගොඩ නැගුන ඉගැන්වීමක් හෝ මෙවලමක් කියල හිතන් ඉන්න අයට මේක ටිකක් අවුල් වෙන්න පුළුවන් අදහසක් වෙන්න පුළුවන්. සමහරවිට මට මෙහෙම හිතෙන්නේ මම ඔවුන් තරන් උගත්කමින් සහ බුද්ධියෙන් අඩු නිසා වෙන්නත් පුළුවන්.මේ දැනෙන හැඟෙන හැම දෙයක්ම, තමන් ඒ වෙනකොට ජිවිතයේ ලබා ඇති ඉපැයීම් (සමාජ, ආර්ථික සහ සංස්කෘතික) වලට සාපෙක්ෂ බවයි මගේ විශ්වාසය.
චායාරුපය උපුටා ගැනීම: ගලිගමුවේ ඥාණදීප ස්වාමින් වහන්සේගේ පිටුවෙන්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...