මුහුණු පොතෙන්

පිටකෝට්ට බංගලාහන්දියේ බස් ස්ටෑන්ඩ් එකේ බලා ගෙන හිටියේ 168 බසයක් එනතුරුය. හැමදාම පාසල් යන්නේ ඒ බසයෙනි.

සැප ජීප් එකක් නවතා ෂටරය පහත් කලේය. දැක පුරුදු මුණකි. ගිය සතියේ සත්තු වත්තට ගිය විට දැකපු මුනක්දොයි එකවිටම සිතට ආවත් පසුව මතක් වුයේ ටිවී වැඩසටහන් සහ චන්දෙට කලින් තාප්ප වසාගෙන සිටි ඒ හුරුබුහිටි මුනයි.

” පුතා මම හර්ෂ දි සිල්වා. අදුනනවද ? අද කෝච්චි ස්ට්‍රයික්නේ මම ෆ්‍රී සර්විස් එකක් දෙනවා. නගින්න මම ඉස්කෝලෙට ගිහින් දාන්නම්. ”

ඇතින් වාහන දෙකක් කැමරා අප දෙසට මානාගෙන සිටිනු පෙනේ. සිතන්නටවත් කලින් කෙනෙකු පැමින මා වාහනට නංවා ගත්තේය. අද ඇත්තේ ආර්ථික විද්‍යායවය. මට පෙර පිනක් කඩා වැටී ඇත. ආර්ථික විශෙෂඥ්ඥ නියෝජ්‍ය/රාජ්‍ය ඇමති මාගේ යාබද අසුනේය.

” අනේ ඇමතිතුමා ආර්ථික විද්‍යා ප්‍රශ්ණ ටිකක් තියෙනවා අහන්නද ”

” අහන්න පුතා අහන්න ” කියමින් ඔහු මගේ කකුල දෙස හොරැහින් බලනවා දුටිමි.

” ඩොලරයේ අගය ඉහල යාම රටේ සංවර්ධනය ඉතා හොද මට්ටමක පවතින බවට සාධකයක්ද ”

ඔහු ඔරවා බලා ” වෙන ප්‍රශ්නයක් අහන්න. සති දෙකකට කල් ඉල්ලමි.”

” රටේ සීනී මිල, ලුණු මිල තීරණය වන්නේ ඉල්ලුම සැපයුම න්‍යායට අනුවද දියවැඩියා, කොලොස්ට්‍රොල් වැනි ලෙඩ රෝග නිසාද ? ”

කන්ණාඩිය යටින් බලා ” ඒක රාජිත ඇමතිතුමාට යොමු කරමි. මාසයකින් පිලිතුරු දෙමි ”

” රටේ ආර්ථික වර්ධන වේගය 7.9 සිට 3.5 ට බැස්සවීමට ඔබතුමන්ලා භාවිතා කල මුල්‍ය කලමණාකරන ප්‍රතිපත්තිය කුමක්ද ”
” අදාල නැත. මහ බැංකු වාර්තාවෙ 14.(1) ( ආ) ඇමුනුම බලන්න ”

ඔහු ඒ සී එක උපරිමයට වැඩි කරයි. මට සීතල දරා ගත නොහැක. ඔහුට දාඩිය බේරෙයි.

” ලංකාවේ මුදල් නෝට්ටුවෙ රවී කරුණානායක සහ අර්ජුන මහේන්ද්‍රන් අත්සන් කර තිබීම නීත්‍යාණුකූලද ”

ඔහුගේ හුස්ම ගැනීමෙ වේගය වැඩි වනු මට ඇසේ. ” ඕක ගිහින් අහපන් පුතා රනිල්ගෙන් ”

” පුතා පුටිපස්ස හැරිලා බලපන් අර TV ටීම් එක එනවද කියලා ”

” නැහැ ඇමතිතුමා පේන්න නෑ. එතකොට සිංගප්පුරු ගිවිසුම…. ”

මට ප්‍රශ්ණය අසා ඉවර කරන්නට නොලැබුනි.

” මේ පුතා ඔයාට අද තියෙන්නෙ ආර්ථික විද්‍ය්යවද දේශපාලන විද්‍යාවද. මට පව් නොදී මෙතනින් බැහැලා බස් එකේ යනවද ? ”

පුංචි බොරැල්ලට යාමට සිටි මා ආයුර්වේද වට රවුමෙන් බස්සවා නොව තල්ලු කර දමා ජීපුව චම්පික රනවකටත් වඩා වේගයෙන් යන්නට විය. මට බය සිතුනේ විජිත හේරත් මෙන් ලයිට් කණුවකවත් හප්පා ගනීදෝයි කියාය.

– නිලන්ත සත්සර ගමගේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More