ප‍්‍රධාන පුවත්

මාතලේ නකල්ස් රක්ෂිත වනාන්තරයේ පේ‍්‍රරණ කලාපයට අයත් අක්කර 21,000ක් ඉඩම් එක් අක්කරයක් රුපියල් 2,850ක් බැගින් බදු දීමට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය හිමිවී ඇත.

ඒ අනුව රුපියල් බිලියන 2කට වැඩි ආයෝජන සඳහා වසර 55 දක්වාද, රුපියල් බිලියන 2කට අඩු ආයෝජන සඳහා වසර 35 දක්වාද වශයෙන් ඉඩම් බදු දීමට නියමිතය.

මෙම ඉඩම් අතරින් ඇල්කඩුව ප්ලාන්ටේෂන් සමාගමට අක්කර 8,000ක් අයත්වන අතර ඉතිරි ඉඩම් අක්කර 13,000 රාජ්‍ය වැවිලි සමාගමට අයත්ය.

ජූලි 2දා මධ්‍යම පරිසර අධිකරියේ සභාපතිවරයාගේ ප‍‍්‍රධානත්වයෙන් කොළඹ දී කැඳවූ සාකච්ඡුාවකදී රාජ්‍ය වැවිලි සමාගමේ සභාපති තිලක් මහානාම ප‍‍්‍රකාශ කර ඇත්තේ ඇල්කඩුව ප්ලාන්ටේෂන් සමාගමට හා රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් ඉඩම්වල ව්‍යාපෘති සඳහා යෝජනා කැඳවීමේදී ව්‍යාපෘති යෝජනා 650ක් ලැබුණු බවයි. ඉන් ව්‍යාපෘති 257ක් තෝරාගත් බවයි. එම තෝරාගත් ව්‍යාපෘතිවලින් 46කට අනුමැතිය ලැබුණු බවයි.

මෙම ඉඩම්වල කි‍‍්‍රයාත්මක කිරීමට තෝරාගෙන ඇති ව්‍යාපෘති සංචාරක ව්‍යාපාරයට හා සත්ත්ව නිෂ්පාදන ගොවිපොළ සම්බන්ධ ව්‍යාපාරයන්ට අයත් වේ.

මෙම ව්‍යාපෘති සඳහා පරිසර සංවිධානවල විරෝධය පළවීමත් සමග කැබිනට් නකල්ස් මණ්ඩලය අනුමත කළ කි‍‍්‍රස්කෝ සමාගමේ ව්‍යාපෘතිය හා මවුන්ටන් සමාගමේ ව්‍යාපෘතිය අත්හිටුවා ඇති බව රාජ්‍ය වැවිලි සමාගමේ අපගේ ආරංචිමාර්ග පවසයි.
රාජ්‍යවැවිලි සංස්ථාවේ සභාපති තිලක් මහනාමගෙන් අප කළ විමසීමේදී ඔහු පැවසූවේ කැබිනට් අනුමැතිය ලැබෙන ව්‍යාපෘති සියල්ල කි‍‍්‍රයාත්මක නොවන බවයි.

එක් සමාගමක යෝජනාව සම්බන්ධයෙන් අන්තර්කාලීන ගිවිසුමක් අත්සන් කළ නමුත් එම ගිවිසුමද දැනට අත්හිටුවා ඇති බව ඔහු කීය.

– Anidda



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More