ව්‍යාපාරික පුවත්

ලාෆ්ස්‌ හෝල්ඩින්ස්‌ සමාගම ව්‍යාපාර කළමනාකරණ අංශයේ රන් අනුග්‍රාහකයා වශයෙන් 2017 වසරේ NSBM රැකියා වෙළෙඳපොළ සමඟ අත්වැල් බැඳ ගනී. ලාෆ්ස්‌ හෝල්ඩින්ස්‌ සමාගම ශ්‍රී ලංකාවේ විශාලතම ව්‍යාපාර සමූහයන් අතරින් එකකි.

අපගේ උපාධිධාරීන් රැකියා වෙළෙඳපොළට උචිත පරිදි සකස්‌ කිරීමට අප ආයතනය නිරන්තරයෙන්ම කැපවී සිටින බවත් මෙම රැකියා වෙළඳපොල ඒ සඳහා මහගු පිටුවහලක්‌ වන බවත් NSBM හරිත සරසවියේ නියෝජ්‍ය උපකුලපති වන චමින්ද රත්නායක මහතා අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවයේදී අදහස්‌ දක්‌වමින් පැවසීය.

ලාෆ්ස්‌ හෝල්ඩින්ස්‌ ආයතනයේ මානව සම්පත් බඳවා ගැනීමේ අංශයේ තරිදු සොමිරත්න මහතා අදහස්‌ දක්‌වමින් ශ්‍රී ලංකාවේ වගකිවයුතු ව්‍යාපාර ආයතනයක්‌ වශයෙන් අපගේ අභිලාෂය වන්නේ දක්‌ෂ කළමනාකරුවන් සහ කණ්‌ඩායම් මගින් සාර්ථක ව්‍යාපාර ආයතන ගොඩනැංවීම බවත්, අප ආයතන සමුහය මගින් නවක උපාධිධාරීන්ට රැකියා අවස්‌ථාවන් ලබාදීම තුලින් ඔවුන්ගේ අනාගත වෘත්තිය සිහිනයන් යථාර්ථයක්‌ බවට පත්කර දීමට හැකිවීම ගැන ආඩම්බර වන බවත් පැවසීය.

ව්‍යාපාර කළමනාකරණ අංශයේ රන් අනුග්‍රාහකත්වය ලද ලාෆ්ස්‌ හෝල්ඩින්ස්‌ සමාගම (www.laughs.lk ), ශ්‍රී ලංකාවේ ප්‍රධාන ව්‍යාපාර සමූහයන් අතර විශ්වාසවන්ත නාමයක්‌ වේ. එය ව්‍යාපාර ක්‌ෂේත්‍ර 20 ක්‌ පුරා පුළුල් වූ පුරෝගාමියෙකු ලෙස ශක්‌තිමත්ව ස්‌ථාපනය කර ඇත. එම ව්‍යාපාර ක්‌ෂේත්‍ර අතර බලශක්‌ති, වෙළඳ, කර්මාන්ත, සේවා, සංචාරක, දේපළ, සමුද්‍ර ප්‍රවාහන හා අනෙකුත් අංශ සමන්විත වේ.

NSBM හරිත සරසවි නගරය මගින් සංවිධානය කරන රැකියා වෙළඳපොළ-2017 නොවැම්බර් මස 25 සහ 26 යන දෙදින තුළ හෝමාගම පිටිපනදී පැවැත්වේ. මෙම රැකියා වෙළඳපොළට NSBM හරිත සරසවියේ කළමනාකරණ උපාධිධාරීන්, තොරතුරු තාක්‍ෂණ උපාධිධාරීන් සහ උපාධි අපේක්‌ෂකයන් විශාල පිරිසක්‌ සහභාගි වනු ඇත. මෙයට අමතරව අනෙකුත් විශ්වවිද්‍යාල සහ උසස්‌ අධ්‍යාපන ආයතනවල නවක උපාධිධාරීන්ට ද මෙම රැකියා වෙළඳපොළ විවෘතව පවතී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More