පාර්ලිමේන්තුවේදී ස්වාධීනව කටයුතු කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කෙරුණු කමිටුවේ වාර්තාව සම්බන්ධයෙන් එළඹෙන 23 වැනිදා සිය මන්ත‍්‍රී කණ්ඩායමේ සාකච්ඡාවට ලක් කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.
එම සාකච්ඡාවෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට රැස්වූ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබේ. ඊයේ (14)රාත‍්‍රියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ පිහිටි නිල නිවසේදී එම සාකච්ඡාව පැවැත්වුණි.
ආණ්ඩුවට එරෙහිව ඔක්තෝබර් 05 වැනිදා පැවැත්වීමට නියමිත විරෝධතා රැළිය සම්බන්ධයෙන් මෙන්ම පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම ඇතුළු වර්තමාන දේශපාලන කරුණු ගණනාවක් කෙරෙහි ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව අැත.
සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ “හැත්තෑ දෙනෙක්ගෙන් සමන්විත ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමට විපක්ෂයේ නායකත්වය භාර දීමට බැහැ කියලා කතානායක කියපු පදනම් විරහිත ප්‍රකාශය ආපසු හැරවීමට විශේෂ ක්‍රියාමාර්ග රාශියක් සාකච්ඡා කළා. ගහන්න තියෙන හැම තුරුම්පුවක්ම ගහනවා. හැම සැළසුමක්ම හෙළි කරන්න බෑ.” යනුවෙනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...