කලා පුවත්

ප‍්‍රවීණ සිනමා හා ටෙලිනාට්‍ය නිළියක් වන ඇන්ඩලීන් රෝෂානා ඔන්ඩච්චි මහත්මියට ජපානයේ නිෂ්පාදිත සුඛෝපභෝගී වර්ගයේ මොටර් රථයක් ආනයනය කර දෙන බව පවසා රුපියල් ලක්ෂ දහයක් වංචා සහගතව ලබාගෙන සිටි සිනමා අධ්‍යක්‍ෂවරයෙක් 13 වන දින අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය පැවැසීය.

2017-10-28 වන දින මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණි රංගන ශිල්පිනිය තමන්ට ජපානයෙන් වාහනයක් ආනයනය කරදෙන බව පවසමින් තමන්ගෙන් වංචා සහගතව රුපියල් ලක්ෂ දහයක මුදලක් අධ්‍යක්ෂකවරයෙක් ලබාගත් බවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත්, එම පැමිණිල්ලට කිසිදු සාධාරණයක් නොවූ බවට බස්නාහිර දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික‍්‍රමසිංහ මහතාට පැමිණිලි කර තිබිණි.

නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ලැබුණු නියෝගයකට අනුව කි‍්‍රයාත්මක වූ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කළ පරීක්ෂණවලින් තහවුරු කරගත් කරුණු මත කොහුවල පිහිටි අධ්‍යක්‍ෂවරයාගේ කාර්යාලයේදී ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. අධ්‍යක්‍ෂ වරයාට 2016-09-21 දින එකී මුදල ලබාදී ඇති බව රංගන ශිල්පිනිය කළ පැමිණිල්ලේ සඳහන්ව ඇත. මාස තුනක් ඇතුළත සුඛෝපභෝගී මෝටර් රථය ලබා දෙන බවත් අධ්‍යක්‍ෂවරයා පැවැසූ බවද එම පැමිණිල්ලේ සඳහන්ව ඇත. එම මෝටර් රථය ලබාදෙන තෙක් පාවිච්චි කිරීමට පරණ මෝටර් රියක් තමන්ට ලබාදී තිබූ බවද ඇය විසින් කළ පැමිණිල්ලේ සඳහන් වේ.

මාස හතරක පමණ කාලයක් ගතවුවත් තමන්ට ලබා දෙන බව පැවැසූ මෝටර් රිය නොලැබුණ බවත්, අධ්‍යක්‍ෂවරයා විසින් ලබාදී තිබූ කාර් රථය තමන්ගෙන් බලහත්කාරයෙන් රැුගෙන යාමට තැත්කළ බවත්, ඊට ටික දිනකට පසු 2017-02-17 වන දින අධ්‍යක්‍ෂවරයාගේ මිතුරෙක් පැමිණ ලබාදී තිබෙන කාර් රථය ඔහුගේ එකක් යැයි පවසමින් නැවත රැුගෙන ගිය බවද රංගන ශිල්පිනිය පොලීසියට පවසා ඇත. තමන්ගෙන් ලබාගත් රුපියල් ලක්ෂ දහය වෙනුවට බොරැුල්ලේ පිහිටි රාජ්‍ය බැංකුවකින් මුදල් ලබාගන්නා ලෙස පවසමින් එම මුදලට සරිලන සේ 2017-06-22 දින ලබාදුන් චෙක්පතද අගරු චෙක් පතක් බවද එය ගිණුම් ගත කිරීමේදී බැංකුවෙන් පැවැසූ බව රංගන ශිල්පිනිය කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව පොලීසිය පැවැසීය.

අත්අඩංගුවට පත් චිත‍්‍රපටි අධ්‍යක්‍ෂවරයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත බාරදී ඇති බවත් 14 වන දින නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය පැවැසීය.
බස්නාහිර දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික‍්‍රමසිංහ, පොලිස් අධිකාරී ප‍්‍රසාද් රණසිංහ මහත්වරුන්ගේ උපදෙස් මත මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් සැරයන් 20553 මෙන්ඩිස්, පොලිස් කොස්තාපල් 40248 ප‍්‍රසන්න, 84762 කුමාර, 51496 බණ්ඩාර යන නිලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More