ප‍්‍රධාන පුවත්

අත්තනගල්ල ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ සම සභාපතිත්වයෙන් යුක්තව ඊයේ (13) රැස්වූ අවස්ථාවේ එය ආවරණය කිරීමට පැමිණ සිටි මාධ්‍යවේදීන් එම ස්ථානයෙන් ඉවත් කිරීම හේතුවෙන් උණුසුම්කාරී තත්වයක් ඇති විය.

අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම්වරයා විසින් කරන ලද නිල ආරාධනයක් අනුව එම ස්ථානයට ගිය මාධ්‍යවේදීන්ට සංවර්ධන කමිටු රැස්වීම ආවරණය නොකර පිටවන්නැයි හිටපු ජනාධිපතිනිය පැවසීමත් සමඟ මෙම තත්ත්වය ඇතිවිය.

එහිදී මාධ්‍යවේදීන් පෙන්වා දුන්නේ තමන්ට ප්‍රාදේශීය ලේකම් වරයා විසින් කරන ලද ආරාධනාවක් අනුව පැමිණි බවත් ඔහු විසින්ම ආපසු යන්නට කියන්නේ නම් පිටව යන්න සූදානම් බවත්ය.

මෙහිදී අසරණ තත්ත්වයට පත් ප්‍රාදේශීය ලේකම්වරයා ස්ථානයෙන් ඉවත්ව යන්නැයි මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් කළේය.

ඒ සමගම අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා විසින් පෙන්වා දුන්නේ මෙම ස්ථානයට අනවසරයෙන් පැමිණි පුද්ගලයන් ද බොහෝ සිටින බවත් ඔවුන් ඉවත් කළ යුතු බවත්ය.

එම පිරිස ඉවත් කිරීමත් සමග සභාව උණුසුම් තත්ත්වයකට පත්විය.

හිටපු ජනාධිපතිනිය මෙම අවස්ථාවේ ඉතාමත් කෝපසහගත හැසිරෙන ආකාරයක් පෙනෙන්නට තිබිණි.

බණ්ඩාරනායකවරුන්ගේ බලකොටුව වන අත්තනගල්ල ආසනයේ ශ‍්‍රීලනිප සංවිධායක ධුරයද හොබවන හිටපු ජනාධිපතිවරිය විසින් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අත්තනගල්ල ආසනයේ ගෙන් ගෙට ගොස් මැතිවරණ ප‍්‍රචාරණයේ යෙදුනද පොහොට්ටුව ජයගත් අතර ශ‍්‍රීලනිපය තුන්වැනි තැනට පත්විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More