ලංකාව සමග පැවැති එක්දින තරගාවලිය 3-2ක් ලෙස ජයග‍්‍රහණය ලැබුවත් එක්දින ශ්‍රේණිගත කිරීම්හි සිව්වැනි ස්ථානය දක්වා පහතට ඇද වැටීමට දකුණු අප‍්‍රිකානු කණ්ඩායමට සිදුව ඇත.
තරගාවලිය ආරම්භයේදී ප‍්‍රසාද ලකුණු 113ක් සමගින් අප‍්‍රිකානු කණ්ඩායම ශ්‍රේණිගතකිරිම්හි තෙවැනි ස්ථානයේ සිටි අතර නවසිලන්ත කන්ඩායම ප‍්‍රසාද ලකුණු 112ක් ලබා සිව්වැනි ස්ථානයේ පසුවිය.
තරගාවලිය අවසානයේ අප‍්‍රිකානු කන්ඩායමේ ප‍්‍රසාද ලකුණු 110 දක්වා ලකුණු 03කින් අඩුවූ අතර ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රසාද ලකුණු 80ක් දක්වා ඉහළ ගියහ.කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ශ්‍රේණිගත කිරීම්හි ස්ථානයේ වෙනසක් සිදු නොවුණු අතර ඔවුන් 08 වැනි ස්ථානයේම රැදී සිටියි.
එංගලන්ත කන්ඩායම ප‍්‍රසාද ලකුණු 127ක් ලබා ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගෙන ඇති අතර ඉන්දියානු කණ්ඩායම ප‍්‍රසාද ලකුණු 121ක් ලබා දෙවැනි ස්ථානයේ පසුවෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...