ව්‍යාපෘති අධීක්ෂණය කිරීම සඳහා මන්ත්‍රිවරුන් 55 දෙනකුට මුදල් ලබාදෙන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය තහවුරු කරයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී ලොකුගේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමකට අනුව අදාළ තොරතුරු අමාත්‍යාංශය විසින් ලබාදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී ලොකුගේ ‘මව්බිම’ට පැවැසීය. එක් _ එක් මන්ත්‍රිවරයකුට එසේ ලබාදෙන මුදල කොපමණදැයි පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරි එල්.ජී.එස්.ජී. දයාරත්න විසින් තමා වෙත එවන ලද ලිපියෙහි සඳහන් කර නොතිබුණු බැවින් එසේ ලබාදෙන මුදල කොපමණදැයි විමසා තවත් ලිපියක් යොමු කළ බව ගාමිණී ලොකුගේ මන්ත්‍රිවරයා පැවැසීය.
එම නාම ලේඛනයේ නම් සඳහන්, සංචාරක හා ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය ඇමැති රංජිත් අලුවිහාරේගෙන් ‘මව්බිම’පුවත්පත කළ විමසීමේදී ඔහු සඳහන් කර ඇත්තේ ව්‍යාපෘති අධීක්ෂණය සඳහා රුපියල් දෙලක්ෂයක මුදලක් තමා වෙත ලැබුණු බවත් රාජ්‍ය ඇමැති ධුරයට පත් කිරීමෙන් පසු එම මුදල ගෙවීම නතර කරන ලෙස දැනුම්දුන් බවත්ය.
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ලබාදුන් තොරතුරුවල එක් එක් මන්ත්‍රිවරයා වෙත ලබාදෙන මුදල සඳහන් නොවූවද එම අමාත්‍යාංශයේ බැංකු ගිණුම්වලට අනුව රුපියල් දෙලක්ෂය බැගින් පහත නම් සඳහන් මන්ත්‍රිවරුන් වෙත මාසිකව ගෙවා ඇති බව දැනගන්නට ඇතැයිද මන්ත්‍රිවරයා සඳහන් සදහන් කර ඇත.
එසේ මුදල් ලබාදෙන බවට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් ගාමිණී ලොකුගේ මන්ත්‍රිවරයා වෙත එවා ඇති මන්ත්‍රිවරුන්ගේ නාමලේඛනය මෙසේයි.
01. සිසිර කුමාර අබේසේකර.
02. ආනන්ද අලුත්ගමගේ.
03. රංජිත් අලුවිහාරේ.
04. තුෂාර ඉඳුනිල්.
05. හෙක්ටර් අප්පුහාමි.
06. අතුරලියේ රතන හිමි.
07. බන්දුලාල් බණ්ඩාරිගොඩ.
08. නාලක ප්‍රසාද් කොළොන්නෙ.
09. සිරිනාල් ද මෙල්.
10. මයන්ත දිසානායක.
11. ඩී. චන්දිම ගමගේ.
12. එඩ්වඩ්. ගුණසේකර.
13. විජේපාල හෙට්ටිආරච්චි.
14. නලීන් බණ්ඩාර ජයමහ.
15. අනුර සිඩ්නි ජයරත්න.
16. ලකී ජයවර්ධන.
17. කාවින්ද හේෂාන්.
18. වේලුකුමාර.
19. අරවින්ද කුමාර්.
20. ආනන්ද කුමාරසිරි.
21. ඉම්රාන් මහරුෆ්.
22. එම්.එම්. අබ්දුල්ලා මහරුෆ්.
23. අජිත් මාන්නප්පෙරුම.
24. එම්.අයි.එම්. මන්සූර්.
25. ආශුබෝධ මාරසිංහ.
26. එස්.එම්. මරික්කාර්.
27. අලි සහීර් මවුලානා.
28. බුද්ධික පතිරණ.
29. ප්‍රදීප් සංජය පෙරේරා.
30. කේ.කේ. පියදාස.
31. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර.
32. අශෝක ප්‍රියන්ත.
33. මුජිබර් රහුමාන්.
34. ඉෂාක් රහුමාන්.
35. හර්ෂණ සුපුන් රාජකරුණා.
36. සංදිත් සමරසිංහ.
37. චතුර සේනාරත්න.
38. එම්. තිලකරාජා.
39. එම්.එස්. තවුෆික්.
40. සුරේෂ් වඩිවේල්.
41. හේෂාන් විතානගේ.
42. ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න.
43. තුසිතා විජේමාන්න.
44. රෝහිණී කුමාරි.
45. චමින්ද විජේසිරි.
46. ඒ.ඒ. විජේතුංග.
47. මලිත් ජයතිලක.
48. කාදර් මස්තාන්.
49. අංගජන් රාමනාදන්.
50. ආරුමුගන් තොන්ඩමාන්.
51. ඩග්ලස් දේවානන්ද.
52. ප්‍රේමලාල් ජයසේකර.
53. ජයම්පති වික්‍රමරත්න.
54. ප්‍රියංකර ජයරත්න.
55. මුත්තු සිවලිංගම්.
-Mawbima
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...