උතුරේ කිසිදු ව්‍යාපෘතියක් චීනයට ලබා නොදිය යුතු බව ඉන්දීය අගමැතිවරයාගේ නියෝජිතයෙකු ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට අවධාරණය කර තිබේ.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතාගේ මෙම විශේෂ නියෝජිතයා පසුගිය දිනවල ඉතාමත් රහසිගතව මෙරටට පැමිණි අවස්ථාවේ මේ කරුණු අවධාරණය කර ඇත.
මෙරට කටයුතුවලට චීන රජයේ මැදිහත්වීම සම්බන්ධයෙන් සොයා බැලීම මෙම ඉන්දීය රහස් නියෝජිතයාගේ සංචාරයේ ප්‍රධාන අරමුණ වී ඇත.
මෙම නියෝජිතයා ජනාධිපතිවරයා, අගමැතිවරයාට අමතරව උතුරු පළාත් ප්‍රධාන ඇමැති සී.වී. විග්නේෂ්වරන් සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් ද හමු වී තිබේ.
චීනය විසින් උතුරේ නිවාස 50,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීමට නියමිතව තිබුණ ද එම කටයුතු මෙම නියෝගය නිසා නතර වනු ඇතැයි පැවසේ.
සිය ලංකා සංචාරයේ දී සොයා බැලූ කරුණු සම්බන්ධයෙන් මෙම නියෝජිතයා ඉන්දීය අගමැතිවරයාට විශේෂ වාර්තාවක් භාර දීමට නියමිතය.
ප්‍රදීප් අනුර කුමාර
-sebe.lk
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...