ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම අඟහරුවාදා උදේ 11ට පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක හතරේ දී රැස්වුණේ දිනේෂ් ගුණවර්ධනගේ ප‍්‍රධානත්වයෙනි. මෙහිදී ප‍්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරුණේ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙනි.
‘ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායක ධුරය හිමියි. ඒ වුණාට කථානායකවරයා ඒ හිමිකම දෙන්න සූදානම් නැහැ. දිනේෂ් පැවසීය.
‘කථානායකවරයා හිතාමතාම විපක්ෂ නායක ධුරය අපිට අහිමි කරන්නයි යන්නෙ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මතය විමසන්න කථානායකට අයිතියක් නැහැ. ඒ තීන්දුව ගන්න එතුමට පුළුවන්. ප‍්‍රසන්න පෙන්වා දුන්නේය.
‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිනවා කියන කථානායකවරයා දැන් පෙනී ඉන්නේ ආණ්ඩුව වෙනුවෙන්. විමල් පැවසීය.
‘මන්ත‍්‍රීවරුන් 70 ක් ඉන්න කණ්ඩායමට නොදී විපක්ෂ නායක ධුරය 16ක් ඉන්නා කණ්ඩායමට දීමෙන් ආණ්ඩුවේ ඒකාධිපති ගමන පැහැදිලියි. ඩලස් කීවේය.
‘ආණ්ඩුව කියන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රීවරුන් ඇමැති ධුර දරන හින්දා විපක්ෂ නායකකම දෙන්න බැහැ කියලයි. හැබැයි ජාතික ආණ්ඩුවට ගිවිසුම් අත්සන් කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මිසක් එක්සත් ජනතා නිදහස් සන්ධානය නෙමෙයි. ලන්සා පැවසීය.
‘ආණ්ඩුවේ මේ වැරැදි ක‍්‍රියාමාර්ගයට විරුද්ධව අපි පාර්ලිමේන්තුවෙත් පිටත් විරෝධය පාන්න ඕනේ. වෙල්ගම පෙන්වා දුන්නේය.
‘එදා 2015 දී සන්ධානයේ මන්ත‍්‍රීවරුන් කණ්ඩායමක් ඇමැති ධුර දරන කොට නිමල් සිරිපාල ද සිල්වා විපක්ෂ නායක ධුරයේ කටයුතු කළා. ඒක පූර්වාදර්ශයකට ගන්න පුළුවන්. සුසිල් පැවසීය.
‘ඒ විතරක් නෙමෙයි චන්ද්‍රිකා මැතිනිය 2001 ජනාධිපති වෙලා ඉන්න කොට අගමැති වෙලා හිටියේ රනිල් වික‍්‍රමසිංහ. හැබැයි චන්ද්‍රිකාගෙම පක්ෂයේ මහින්ද රාජපක්ෂ මහත්තයා එදා විපක්ෂ නායක ධුරය දැරුවා. ජනාධිපතිගෙම පක්ෂයේ වුණා කියලා මහින්ද මහත්තයට විපක්ෂ නායක ධුරය නොදී ඉන්න එදා කටයුතු කළේ නැහැ. ගම්මන්පිල පැවසීය.
කථානායකවරයා වැරැදි තීන්දුවක් ගතහොත් ඔහුට විරුද්ධව ගතයුතු ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි. එසේම පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත විපක්ෂ නායක ධුරය ඉල්ලා උද්ඝෝෂණ පැවැත්වීම සම්බන්ධයෙන් ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...