දේශීය පුවත්

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන මන්ත්‍රීවරුන් වීමේ තත්වයක් ඇතිව තිබෙන බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමගින් එළඹෙන අඟහරුවාදා දින පවත්වන තීරණාත්මක සාකච්ඡාවේදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්නා බව ද ඔහු සඳහන් කරයි.

ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ලබා දීමට හැකියාවක් ව්‍යවස්ථාව අනුව නැති බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට කළ දැනුම් දීම සලකා බලමින් මෙම තීරණය ගැනීමට සාකච්ඡා කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතාද ඊයේ (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීම ගැන තීරණයක් ගන්නා බවත් ඒ සම්බන්ධව මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කරමින් සිටින බවය.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් දැනට පාර්ලිමේන්තුවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් 70ක් නියෝජනය කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More