දේශීය පුවත්

එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහාය පළ කරමින් සිටින දේශපාලන පක්ෂ 8ක්, සිවිල් සංවිධාන 12ක් සහ රාජ්‍ය නොවන සංවිධාන 4ක් එක්ව ඉදිරි ජනාධිපතිවරණයට ජනාධිපති අපේක්‍ෂකයන් සිවුදෙනකු ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මීට අදාළ එකඟතා ගිවිසුමට එම දේශපාලන පක්ෂ සහ සංවිධාන ලබන 19 වැනිදා කොළඹදී අස්සන් කිරීමට තීරණය කොට තිබේ.

උතුරු ප්‍රදේශය නියෝජනය කරමින් අතුරුදන්වූවන් වෙනුවෙන් හඬක් නඟන එසේම දෙමළ ජනයා නියෝජනය කරන අයකුද, නැඟෙනහිර ප්‍රදේශය නියෝජනය කිරීමට ඉස්ලාම් මව්ලවිවරයකුද, වතුකම්කරුවන්ගේ නියෝජිතයකු සහ සිංහල බෞද්ධයන් නියෝජනය කරමින් භික්ෂුන් වහන්සේ නමක්ද වශයෙන් එම ජනාධිපති අපේක්ෂකයන් සිවුදෙනා ඉදිරිපත් කිරීමට කටයුතු යොදමින් තිබේ.

ප්‍රධාන දේශපාලන ධාරාවේ අපේක්ෂකයකුට 50%ක් ඉක්මවා ඡන්ද ලබා ගැනීම වැළැක්වීම මඟින් ඔවුන්ගේ අයිතීන් දිනා ගැනීමට පියවර ගැනීමක් ලෙසින් මෙසේ ජනාධිපති අපේක්ෂකයන් සිවුදෙනකු ඉදිරිපත් කිරීමට පියවර ගැනේ.

-Mawbima



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More