සමාජ ජාලා අතර සංසරණය වෙමින් පැවති මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් තම ෆේස්බුක් ගිණුමේ තබන ලද සටහනක් අපි මෙසේ උපුටා දක්වමු.
ජොන්සන්ට රුපියල් කෝටි 4600ක්; ලංකාව පරයන්ට
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීමට ජුලි මාසයේ 11 වැනිදා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ උපදෙස් පරිදි පලිබෝධනාශක රේජිස්ට්‍රාර් සුමිත් ජයකොඩි ගැසට් නිවේදනයක් නිකුත් කළේය. එය දැන ගත් මොහොතේ සිට ඊට එරෙහිව මාගේ ශක්ති ප්‍රමාණයෙන් කරුණු දැක්වීම් කළෙමි.
මා සමග හිරු FM නාලිකාවේ විවාදයකට පැමිණි කුප්‍රකට කෘෂිකර්ම මහාචාර්යවරයා පැවසුවේ ග්ලයිපොසේට් ගැන මා දක්වන කරුණු සාවද්‍ය බවත් ජනතාව නොමග යවන බවත් ය; ඔහුට තවත් කෘෂිකර්ම සහ විද්‍යා මහාචාර්යවරු කිහිප දෙනෙක් උල්පන්දම් දුන්හ. තවත් කිහිප දෙනෙක් ඔවුන්ගේ දෙපරංශ කිති කැවීය;
අවසානයේ ශ්‍රී ලංකාවේ ග්ලයිපොසේට් තහනම ඉවත් වූ අතර ග්ලයිපොසේට්, වකුගඩු රෝගය සහ පිළිකා සමග සම්බන්ධයක් නැතැයි කී තුප්පහි උගත්හු සිය කරතව්‍ය නිමා වූ ලෙස නිහඬ වූහ.
මේ අතර ග්ලයිපොසේට්/ රවුන්ඩ් අප් නිෂ්පාදකයා වූ එක්සත් ඇමරිකානු ජනපද හි මොන්සැන්ටෝ සමාගමට විරුද්ධව ඩිවෙන් ජොන්සන් නමැති ලිම්ෆෝමා පිළිකා රෝගියෙක් කැලිෆෝනියා සැන් ෆ්‍රැන්සිස්කෝ ඉහල අධිකරණයේ පැවරූ නඩුවක තීන්දුව ඊයේ නිකුත් විය. Link
ඒ අනුව පාසලක වල් මර්ධන නිලධාරියා ලෙස ක්‍රියා කළ ජෝන්සන්ට පිළිකා රෝගය ඇති වීමට මොන්සැන්ටෝ රවුන්ඩ් අප් හේතු කාරණා වී ඇති හෙයින් ඊට වන්දි ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 289ක් (රුපියල් කෝටි 4600) ගෙවන ලෙස අධිකරණය තීන්දු කළේය.
ශ්‍රී ලංකාවේ ගොවි ජනපදවල වකුගඩු රෝගය සහ පිළිකා රැල්ලක් සේ පැතිර යාමට ග්ලයිපොසේට් ප්‍රබල හේතු කාරණාවක් ලෙස මම නැවතත් පවසමි. ජෝන්සන්ලා 5000ක් ඇමරිකානු අධිකරණවල මොන්සැන්ටෝ සමාගමට නඩු දමා ඇත.
ශ්‍රී ලංකාවේ නඩු දැමිය යුත්තේ මොන්සැන්ටෝ සමාගමට පමණක් නොව රවුන්ඩ් අප් මී පැණි සේ දැක්වූ තුප්පහි දේශපාලනඥයන්ට සහ තුටු දෙකේ තුප්පහි උගතුන්ටත් සමගය. අද මේ නිවට ආණ්ඩුව ඇස් කන් පියාගෙන සිටියත් ඉදිරි වසර 5ක කාලය තුළ මේ තුප්පහි රැළට විරුද්ධව නඩු කියා දහස් ගණනක් වූ අසරණ ගොවියන්ට සාධාරණයක් ඉටු කිරීමට අපි නිසැකවම කටයුතු කරන්නෙමු.
-FB චන්න ජයසුමන
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...