දේශීය පුවත්

ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තාවක් සකස් කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර ඇත. ජාත්‍යන්තර වෙළෙඳ නීතිය හා විදේශ ප්‍රතිපත්ති යන විෂයයන් සම්බන්ධයෙන් ප්‍රවීණයන් පස් දෙනකු මෙම කමිටුවට ඇතුළත් වනු ඇත.

මේ අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවලින්ද මෙම ගිවිසුමට සම්බන්ධ වූ නිරීක්ෂණ ලිඛිතව ලබා ගැනීමට ජනාධිපතිවරයා අපේක්ෂා කරන බවද සඳහන් වේ. විද්වත් කමිටුවේ අධ්‍යයන වාර්තාව හා දේශපාලන පක්ෂවල නිරීක්ෂණ සියල්ල අධ්‍යයනය කර මෙම ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කරනු ඇති බවද සඳහන්ය. මේ අතර මෙම ගිවිසුම අත්සන් කිරීමට පෙරමුණ ගෙන ක්‍රියා කළ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැති මලික් සමරවික්‍රම ගිවිසුම ප්‍රමාද වීම ගැන සිය විරෝධය දක්වා ඇති බව සඳහන්ය.

මෙම ගිවිසුම අධ්‍යයනය සඳහා පත් කරනු ලබන විද්වත් කමිටුවට සාමාජිකයින් නම් කිරීම ඉදිරි සතියේදී සිදු කෙරෙනු ඇති බවද කමිටුව පත් කර දෙසතියකින් ඔවුන්ගේ අධ්‍යයන වාර්තාව ලබා ගැනීමට අපේක්ෂා කරන බවද සඳහන්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More