හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද(10) අලුයම 3.15ට පමණ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයකින් ඇමරිකාවට ගොස් තිබේ.
ඒ මහතා මෙසේ ඇමරිකාවට ගොස් ඇත්තේ ඩුබායි රාජ්‍ය හරහා බවද පැවසේ. හිටපු අමාත්‍යවරයා අධිකරණයෙන් අවසර ගෙන ඇත්තේ තුන් මසක කාලයක් සිය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇමරිකාවට යාමටය.
ඔහුට ප්‍රතිකාර ලබාගැනීමේ තත්වය මත තුන් මසකට වැඩි කාලයක් සිය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇමරිකාවේ රැදී සිටීමට අවසර ලබා ගැනීමේ හැකියාවක් පවතින බවද නීති විශාරදයෝ කියා සිටිති.
මේ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද පසුගිය සදුදා(6) ඇමෙරිකාව බලා පිටත්ව ගියේය. ඔහුද ඇමෙරිකාවේ මාසයක පමණ කාලයක් ගත කිරීමට සූදානමින් ගොස් ඇතිබව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි. කෙසේ හෝ සැප්තැම්බර් මස 7 වන දින පැවැත්වෙන නඩු විභාගයකට හිටපු ආරක්ෂක ලේකම්වරයා පැමිනීමට නියමිත බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
කෙසේ වෙතත් මෙම සංචාරයේදී ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීම සදහා වන කටයුතු සිදු නොවනු ඇති බවටද දේශපාලන විචාරකයෝ මත පළ කරති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...