මහින්ද රාජපක්‍ෂ සමග මොන ප‍්‍රශ්න තිබණද අද වගේ වැඩ ඔහු කලේ නැති බව ඇමති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
ඊයේ (10) පෙරවරුවේ කැලණිය ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් අමාතයවරයා මේ බව ප්‍රකාශ කළේය.
‘කැළණිය පැතිවල දේශපාලනය කරන්නෙ කොළඹ හතේ ටයි කෝට් කාරයෝ නොවේ. මම යනකොට කැලෑවල යනකොට අලි බලන්න කොට මේ අය එනවා පස්සෙන් වරින්වර එනවා. ඒ ගොල්ලන්ගෙ වියදමින්.
එහෙම ගියපු හතරදෙනෙකුට මඩ ගැහුවා. එදායින් පස්සෙ අවුරුදු දෙකහමාරකට මේ අයට කවදාවත් කුඩු චෝදනා නෑ. සුමාන තුනක් ඇතුළත ඒ ගිය හතර දෙනාගෙන් තුන් දෙනෙක් ඇල්ලුවා. ගෙදර කුඩු තිබුණා පිහි තිබුණා කඩු තිබුණා කිය කිය.
මේ ඔක්කොම කරන්නේ දේශපාලන වැඩ. මේකට විරුද්ධව මම සටනක් ගෙනියනවා. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.
මේ රටේ නීතිය හා සාමය ක්‍රියාත්මක වෙන්නේ නෑ අනිවාර්යෙන්ම වෙන්නේ නෑ. අඩුගානෙ මං එකක් කියන්න ඕන මහින්ද රාජපක්‍ෂ එක්ක මරාගෙන මැරෙන සටනක ඉද්දිවත් අපේ ආධාරකරුවන්ට කුඩු පැකට් දාල ගෙනච්චෙ නෑ. දැන් ඒ තත්වෙට වැටිලා. මේක නැවැත්තුවේ නැත්නම් මේක ඉතා ලැජ්ජා සහගත දෙයක්’
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...