දේශීය පුවත්

බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැගිල්ලේ එක් මන්ත්‍රී පුටුවකට රුපියල් ලක්ෂ හයහමාර බැගින් මුදල් වෙන්කරමින් විදේශයන්ගෙන් පුටු ආනයනය කිරීමට තීරණයක් ගෙන ඇතැයිද වහාම ඊට මැදිහත්වන්නැයි ද ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට ලිපියක් යොමුකර ඇත.

මෙම තීරණයට අනුව එකක් රුපියල් ලක්ෂ හයහමාර බැගින් පුටු 104ක් ආනයනය ට දැනටමත් ඇණවුම් කර ඇතැයිද මෙම පුදුමාකාර මිලදී ගැනීම වළක්වන්නැයි ද ජවිපෙ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා විසින් යොමු කරන ලද එම ලිපියේ සඳහන් වේ.

පළාත් සභාවේ සියලු ආයතන එක් තැනකට ගෙනඒම යහපත් නමුත් එක් පුටුවකට මෙවැනි මුදලක් වැයකිරීම පුදුම සහගත එකඟ විය නොහැකි කරුණක් යැයි එහි වැඩිදුරටත් සඳහන් වේ.

කෙසේ වෙතත් අදාල චෝදනා බැහැර කරන පළාත් මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසන්නේ අදාප පුටු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආසන ආකාරයේ ඒවා බවත් මිල ගණන් ඉදිරිපත් කර ඇත්තේ ඒ අනුව බවත් ය.

ටෙන්ඩර් පටිපාටියේ කිසිදු අකටයුත්තක් සිදුව නැති බවද ඔහු කියා සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More