දේශීය පුවත්

රජයේ අමාත්‍යවරුන් වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් හා ඊ.පී.ඩී.පී. නායක පාර්ලිමේන්තු මන්ත්‍රි ඩග්ලස් දේවානන්දා මහත්වරු ඊයේ (09දා) පාර්ලිමේන්තුවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී විශේෂ සාකච්ඡාවක නිරත වූහ.

එම සාකච්ඡාවට ඒකාබද්ධ විපක්‍ෂයේ ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල, සුසිල් ප්‍රේමජයන්ත හා මහින්ද යාපා අබේවර්ධන මන්ත්‍රිවරුද එක්ව සිටියහ.

පළාත් සභා ඡන්දය පැරැණි ක්‍රමයට පැවැත්වීම සඳහා ඒකාබද්ධ විපක්‍ෂයේ එකඟතාව ලබා දෙන ලෙස ඔවුන් හිටපු ජනාධිපතිවරයා හමුවී ඉල්ලීමක් කර ඇති අතර මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු එම අවස්ථාවට සහභාගි වූ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිරු ඒ සඳහා පූර්ණ එකඟතාව පළ කර තිබේ.

පළාත් සභා ඡන්දය පැරැණි ක්‍රමයට පවත්වන ලෙස ඔවුන් ඊට කලින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ඉල්ලා ඇති අතර ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය අවශ්‍ය වන බැවින් ඒකාබද්ධ විපක්‍ෂයේ සහයෝගය ලබා ගන්නා ලෙස අගමැතිවරයා ඔවුන්ට දැනුම් දී තිබූ බවද මෙහිදී ඔවුන් අනාවරණය කර ඇත.

ඊට අමතරව තවත් දේශපාලන කරුණු ගණනාවක් පිළිබඳවද ඔවුන් එම හමුවේදී සාකච්ඡා කර ඇති බවද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More