දේශීය පුවත්

භික්ෂු කතිකාවත් පනත ඉවතට?

August 10, 2018 10:56 am | Lanka Lead News

රජය විසින් ඉදිරිපත් කර තිබෙන භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ඉදිරිපත් නොකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත සම්මත නොකෙරෙනු ඇතැයිද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත ගැන රජය මේ ස්ථාවරයට පැමිණ ඇත්තේ මල්වතු අස්ගිරි ඇතුළු පාර්ශ්ව වෙතින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් වෙත කෙරුණු දැනුම් දීම මතය.

භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත හිටපු බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් මුලින් ඉදිරිපත් කරන ලදී.

භික්ෂු කතිකාවත් පනත් ගෙන ඒමෙන් ඇතිවිය හැකි අර්බුද ගැන මල්වතු කාරක සංඝ සභාව හා අස්ගිරි කාරක සංඝ ඉදිරිපත් කළ යෝජනා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා වෙත භාර දුන්නේය.

මල්වතු හා අස්ගිරි කාරක සංඝ ඉදිරිපත් කළ කරුණු දැක්වීමට පිළිගත් රජය භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත අත්හරිනු ඇතැයිද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම පසුගියදා ජාතික සංවිධාන නියෝජනය කරමින් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, ආචාර්ය පූජ්‍ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි ඇතුළු භික්ෂූන්වහන්සේලා කිහිප නමක් මල්වතු සහ අස්ගිරි නායක හිමිපාණන් වහන්සේලා බැහැ දැක භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත පිළිබදව කරුණු පැහැදිලි කළහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More