ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් නොමැතිවුවද පාකිස්තානු සංචාරයට නම් කර ඇත්තේ පළපුරුදු සහ දක්ෂ කණ්ඩායමක් බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.
ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව පවසමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු පාකිස්තානු සංචාරයට එක්වීම ප්‍රතික්ෂේප කර ඇත. එසේම පුහුණකරුවන්ද මෙම සංචාරය ප්‍රතික්ෂේප කර ඇත.
ආරක්ෂාව පිළිබඳ පාකිස්තානු ආණ්ඩුව සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් සහතිකයක් දී තිබේ. ඒ පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා පොලිස්පතිවරයාටද දැනුම් දී ඇත.
පාකිස්තානය යුද්ධයේදී අප රටට සහය වූ රටක් වන අතර යුධ සමයේ අනෙකුත් රටවල් තරග සංචාර ප්‍රතික්ෂේප කර තිබියදී පාකිස්තානය මෙරට සංචාරය කළේය. එනිසා එවන් මිත්‍ර රටක කරන සංචාරයකට එක්වීම අපගේ යුතුකමක් බව ක්‍රීඩා අමාත්‍යවරයා පෙන්වා දෙයි.
තමන්ද මෙම සංචාරයට එක්වන බවත් දයාසිරි ජයසේකර අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...