ව්‍යාපාරික පුවත්

ශ්‍රී ලංකාවේ සංචාරය කරන විදේශීය සංචාරකයන් ශ්‍රී ලංකාවේ ලබා ගන්නා භාණ්ඩ හා සේවා සඳහා අයකරන වැට් බදු නැවතත් ඔවුන්ට ලබාගැනීමට අවස්ථාව ලැබී තිබේ.

2018 අයවැය යෝජනාවක් අනුව ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල කටුනායක ගුවන්තොටුපොලේදී ලබන සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

වැට් බදු සංශෝධන පනත් කෙටුපත් විවාදයේදී ඔහු මේ බව සඳහන් කළ අතර ඒ අනුව සංචාරකයන්ගෙන් අයකරන 15%ක වැට් බද්ද ඔවුන්ට නැවතත් කටුනායකදී ලබාගැනීමට අවස්ථාව හිමිව තිබේ.

“සංචාරකයක් සඳහා 2018 අයවැය යෝජනා ක්‍රියාත්මක කරමින් වැට් බදු නිදහස් කිරීමේ ක්‍රමයක් හඳුන්වා දෙනවා. කොළඹ කටුනායක ගුවන් තොටුපොලේදී වැට් ප්‍රතිපූර්ණ කිරිමේ යාන්ත්‍රණය හඳුන්වා දෙනවා. ශ්‍රී ලංකාවට පැමණෙන සංචාරකයන්ට තමන් මෙහිදී ලබාගන්නා දෑ සඳහා අයකරන 15% වැට් බද්ද නැවතත් ගුවන් තොටුපොලේදී ලබා ගැනීමට හැකිවෙනවා. මේ යාන්ත්‍රණය අපි සැප්තැම්බර් මාසයේ සිට පටන් ගන්නවා.

2008 වෙන කොට සංචාරක පැමිණීම මිලියන 2.1ක දක්වා ඉහළ ගොස් අපිට ඩොලර් මිලියන 4000ක් ලැබී තිබෙනවා. මේ තත්ත්වය තවදුරටත් ඉහළ දමාගෙන 2020 වන විට අපේ සංචාරකයන් ප්‍රමාණය මිලියන 4ක් දක්වා වැඩි කිරීමට සංචාරක අමාත්‍යංශයේ හොඳ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. ඒ තුළින් ඩොලර් මිලයන 7000ක අදායමක් ලබාගැනීමට සැලසුම් ක්‍රියාත්මක කරනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More