සාපරාධී කාර්ණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
ඒ සඳහා තුන්වන වර කියවීමේ ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්ද 95ක් හිමි වූ අතර විපක්ෂව හිමිවුණේ ඡන්ද 31ක් පමණයි.
මෙම පනතත් සමග මෙම ආණ්ඩුව රණවිරු දඩයම සඳහා ගෙන ආ පනත් ගණන 3කි. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 30/ 1/ 2015 යෝජනාවලිය අනුව රණවිරු දඩයම සඳහා සූක්ෂම වැඩපිළිවෙළක් දියත් කළ වත්මන් පාලකයන් අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත, බලහත්කාරයෙන් අතුරුදහන්කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර සම්මුතිය පනත හා මෙම සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත යන පනත් තුන මේ වන විට සම්මත කර තිබේ.
මෙම පනත් තුනෙහි ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන් අතුරුදහන් කරවීම යන යුද අපරාධය සිදුකළ බවට චෝදනා නගා ඔවුනට දෙස් විදෙස් අධිකරණ මගින් නඩු අසා දඬුවම් කිරීමේ නීතිමය ප්‍රතිපාදන ඇතුළත් ය. ඒ අනුව නීති විශාරදයන් පෙන්වා දෙන්නේ මෙම ක්‍රියාවලිය ලෝකයේේ යම්කිසි රටක් විසින් රණවිරු දඩයම සඳහා මෙතෙක් ගෙනා දුෂ්ටතම හා දරුණුතම නීතිමය ක්‍රියාවලිය බව ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...