මුහුණු පොතෙන්

නිකමට හිතපල්ලා.
සමාජජාලා ක්‍රියාකාරීන් එකතුවෙලා කරපු සංදර්ශනයක් නිසා හතර දෙනෙක් මිය ගිහිං මේ වෙනකොට ඒ පරීක්ෂණ වලට ආන්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් බලපෑම් කරනවා කියනකොට නිහඩ ඇයි?.

පරිපුරක ඇස්තමේන්තු වලට අදටත් ඇමති වරැන්ගේ කාර්යාල අළුත් වැඩියා ඇතුලත් වෙනකොට නිහඩ ඇයි?

රටේ මහා පරිමානිකව ආරක්ෂාව පිළිබද අවුල් වියවුල් මතු වෙනකොට නිහඩ ඇයි?

රටේ අනාගත අවුල් වියවුල් මතුකරන මහා පරිමාන දේපල බදු පෙන්වමින් පිටරටට පවරා දෙමින් රටට අවාසි ගිවිසුම් සුදානම් වෙනකොටත් පෙර ආන්ඩුවට බැන බැන අදටත් ඉන්නේ ඇයි

කොටින්ම රටේ හමුදාපති පත්කිරීමේ සිට නියෝජ්‍ය ඇමති පත්කිරීම් දක්වා විදේශ තානාපති අංශ මැදිහත් වීම නිළ විපක්ෂය නොදකින්නේ ඇයි?

මේ තරම් බදු ගහද්දී 2014ට වඩා දෙගුණයකින් රටේ වක්‍ර බදු මගින් ආදායම් උපයද්දී නිහඩව ඉන්නේ ඇයි?

මේ ආන්ඩුව රටේ හැදුවෙත් සිරිසේනයි රනිලුයි අදත් එක සෙක්කුවේ බැදලා දක්කන්නෙත් රටේ බටහිර ප්‍රමුක තානාපති කාර්යාල.

සම්බන්ධනුයි අනුරයි එක වියගහේ බැදලා නිළ විපක්ෂය කියලා දක්කන්නෙත් ඒ වහලවල් යටින්ම තමයි.

නැත්නම් රටක මෙලෝ නිළ විපක්ෂයක් රටක ආන්ඩුවක් මෙහෙම පිස්සු කෙලිද්දී රටේ විපක්ෂයේ කොටස් වලට බැන බැන ආන්ඩුව කාලය ඉවර වෙනකල් අරං යන්න කටයුතු කරයිද?

කොටින්ම නව ජන්ද ක්‍රමය සම්මත.කරන්න පලාත් සභා ජන්දය අප්‍රේල් මාසයට පෙර පැවැත්වීම අනිවාර්ය බවට රජයෙන් සහතිකයක් අරං සහයෝගය දුන්න නිළ විපක්ෂයකට අප්‍රේල් මාසය ගෙවිලා මාස 4ක් ඉවරයි කියලා අමතක වෙයිද. ?.

ලංකාවේ නිළ විපක්ෂය මරැ ඕයි.

විපක්ෂයේ නායකයා තමන් විපක්ෂයේ නායක වෙන්නේ දෙමළ ජනතාවට පේන්න බව පෙන්නනවා.

විපක්ෂයේ සංවිධායක ආන්ඩු විරෝධී බව පෙන්වන්නේ හවස ප්‍රවෘත්ති වලට දෙන වොයිස් කට් එකට විතරක් බව පෙන්නනවා.

කොහොමත් ජනතාව ඊලග ජන්දයේදී දෙමළ සංධානයයි ජවිපයයි විපක්ෂයේ තනතඅරැ වලට සුදුසු බටහිර තානාපති කාර්යාල නටවන මේ වගේ සුකිරි බටිලි ආන්ඩු වලදී විතරක්මයි කියලත් සටහන දාලා පෙන්වනවා.

මේ රටේ පොත් ලියන්න තිබ්බේ බුදුන්ගේ රස්තියාදුවට නෙවේ මේ තරම් ආන්ඩු පිස්සු කෙලිනකොට රස්තියාදුවේ යන නිළ විපක්ෂයේ භූමිකාවට.????.

හා දැන් ජවිපයේ අයයි හවුලට එයාලාට උදව් දෙන සිරිකොතේ ටිකයි පෝලිමට මහින්දට බැනගෙන එන්න බලන්න.

…….නුවන් මොණරවිළ …………..



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More