විදුලි බල මණ්ඩලයේ රැකියාවක් ලබා දීම සදහා අරුම පුදුම සුදුසුකම් පරීක්‍ෂාවක් ගැන ශ‍්‍රී ලංකා නිදහස් තරුණ වෘත්තීයවේදීන්ගේ සංගමය හෙලි කරයි.
එහි විධායක කමිටු සාමාජික රජික කොඩිතුවක්කු මහතා පවසන්නේ ‘නුපුහුණු විදුලි කාර්මික’ තනතුර සදහා ඉදිරිපත් වන අයදුම්කරුවන් එක්සත් ජාතික පක්ෂය ගැන රචනාවක් ලිවිය යුතු යයි ලිඛිතව දන්වා ඇති බවයි.
අදාල මාතෘකා යටතේ රචනාවක් ලියා විදුලිබල නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතා නමට යොමු කල යුතුව ඇති බව අයදුම්කරුවන්ට දන්වා ඇතැයිද ඔහු පැවසීය.
ශ‍්‍රීලනිප මුලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවනදී ඔහු මෙම අදහස් පල කලේය.
දැනට ටික කලකට පෙර ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා විසින් ‘උස නම් සෙකුරිටි-මිටි නම් කම්කරු’ ලෙස සුදුසුකම් පරීක්‍ෂා කරමින් රැකියා ලබා දුන් වීඩියෝවක්ද අන්තර්ජාලයේ වෙයි.
එක්සත් ජාතික පක්ෂය ගැන රචනාවක් ලිව්වවොත් රස්සාවක්
එක්සත් ජාතික පක්ෂය ගැන රචනාවක් ලිව්වවොත් රස්සාවක් #lka #UNP #Job #SriLanka
Gepostet von Newsfirst.lk am Freitag, 29. Juni 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...