ප‍්‍රධාන පුවත්

දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් අඛණ්ඩව සිදුවෙමින් පවතී. මේ වන විට වර්ජනයට දුම්රිය ස්ථානාධිපතිවරුන්, පාලකවරුන්, රියදුරන් සහ නියාමකවරුන් ද එක්ව සිටිති.

අනුමත වැටුප් විෂමතා නිවැරදි කිරීමේ අමාත්‍ය මණ්ඩල පති‍්‍රකාව අත්හිටුවීමට විරෝධය පළ කරමින් ඊයේ (08) පස්වරු 03.00 සිට ඔවුන් පූර්ව දැනුම් දීමකින් තොරව මෙම වර්ජනය ආරම්භ කළේය.

හදිසියේ ආරම්භ කෙරුණු මෙම දුම්රිය වර්ජනය හේතුවෙන් දුම්රිය මගීන් පමණක් නොව බස් රථවලින් ගමන් ගන්නා මගීන් පවා දැඩි අපහසුතාවයන්ට පත්විය.

කොළඹ කොටුව සහ මරදාන යන දුම්රිය ස්ථානවල ඇතිවූ උණුසුම් තත්ත්වය ඊයේ රාති‍්‍රය වනතෙක් පැවති අතර කුපිත වූ ඇතැම් පිරිස් දුම්රිය ස්ථානයේ දේපළවලට ද හානිකර තිබුණි.

ගම්බිම් බලා යාමට නොහැකිව රාත‍්‍රී 10.30 පමණ වනවිටත් මගීන් කොටුව දුම්රිය ස්ථානය තුළ රැදී සිටි අතර පැවැති තත්ත්වය සලකා කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පොලිස් විශේෂ කාර්යය බලකාය කැඳවා තිබේ.

මේ දක්වා තමන්ට විසඳුමක් නොලැබීම හේතුවෙන් වර්ජනය අඛණ්ඩව සිදු කරන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකව්වරයා සදහන් කරයි. විශ‍්‍රාම ගොස් සිටින දුම්රිය රියදුරන් යළි සේවයට කැඳවිමටද ප‍්‍රවාහන අමාත්‍යංශය තීරණය කර තිබේ. කෙසේ හෝ මේවන විටත් කිසිදු දුම්රියක් ධාවනය නොවන බවද වාර්තාවේ.

මේ අතර දුම්රිය වර්ජනයෙන් ඊයේ (08) දින පීඩාවට පත්ව නිවෙස් කරා යෑමට නොහැකිව සිටි මගීන්ට නිවෙස් කරා යාමට ගමනා ගමන පහසුකම් සැපයීමට යුධ සහ නාවුක හමුදා බස් රථ 42ක් ධාවනයට යෙදවූ බව හමුදා ප්‍රකාශක සුමිත් අතපත්තු මහතා පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More