ක්‍රීඩා පුවත්

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැති සිවුවැනි එක්දින තරගයෙන් ලකුණු 3ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

පල්ලෙකැලේ පිටියේ පැවැති තරගයේ ජයග්‍රහණය සඳහා දකුණු අප්‍රිකාවට පන්දුවාර 21කදී ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 191ක් රැස්කළ යුතුව තිබුණත් දකුණු අප්‍රිකාවට රැස්කළ හැකිවූයේ ලකුණු 187ක් පමණි.

සුරංග ලක්මාල් යොමුකළ අවසන් පන්දුවාරයට දකුණු අප්‍රිකාවට ලකුණු 8ක් ජයග්‍රහණය සඳහා අවශ්‍ය තිබුණ අතර එම පන්දුවාරයට සුරංග ලබාදුන්නේ ලකුණ 4ක් පමණි. එසේම ඔහු ප්‍රභල ක්‍රීඩක ඩේවිඩ් මිලර් දවා ගැනීමටත් සමත්විය. සුරංග ලක්මාල් ලකුණු 46ට කඩුලු 3ක් දවා ගැනීමට සමත්විය. ඊට අමතරව තිසර පෙරේරා කඩුලු දෙකක් දවාත්තේය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 39කදී ලකුණු 306ක් රැස්කිරීමට සමත්විය. මෙම ඉනිමේදී ශ්‍රී ලංකා පිතිකරුවන් කිහිප දෙනෙකුම ලකුණු අතරට පිවිසිමට සමත්විය. දික්වැල්ල 34, තරංග 36, කුසල් පෙරේරා 51, තිසර පෙරේරා 51* දසුන් ශානක 65 එසේ ලකුණු අතරට පිවිසි පිතිකරුවෝ වෙති.

දසුන් පන්දු 34කදී හයේ පහර පහක් හා හතරේ පහර හතරක් සමගින් සිය ලකුණු රැස්කිරීමට සමත්විය.එසේම තරගාවලියේදී දසුන්ට මේ දක්වා ලැබුණ එකම තරගයද මෙය විය.

කෙසේ වෙතත් තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 3-1ක් ලෙස දැනටමත් දකුණු අප්‍රිකාව ජයගෙන තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More