ප‍්‍රධාන පුවත්

ඊළාම් යුද්ධයේදී කොටි ත්‍රස්තවාදයට එරෙහිව සුවිශේෂි බුද්ධි මෙහෙයුම් රැසක් සිදුකළ යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ මේජර් ඩික්සන් රාජමන්ත්‍රී හා එහි කෝප්‍රල් රාජකරුණා යන අයට ත්‍රිකුණාමලයේ මහාධිකරණයේ දී අද (08) මරණ දණ්ඩනය නියම කර තිබේ.

1998 දී යාපනයේ තිරුනල්වේලිහිදී කොටි බුද්ධි අංශබලකායේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු අත්අඩංගුයට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු අසනීප තත්වකට පත්වීමේන් රෝහල් ගත කිරීමෙන් පසු එම කොටි සාමාජිකයා මරණයට පත්වීම සම්බන්ධව පැවැති නඩු විභාගයෙන් පසුව මෙම තීන්දුව ලබාදී ඇත.
එම කොටි සාමාජිකයා යාපනයේ ක්ලේමෝ බෝම්බ ඇටවීමේ නිරත වූ ප්‍රභල චරිතයක් බවට අනාවරණය වීමෙන් පසු එවකට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අසනීප වීමෙන් පසු රෝහල් ගත කර ඇත්තේ මේජර් රාජමන්ත්‍රී හා කෝප්‍රල් රාජකරුණා විසිනි.

එවකට පැවැති පොලිස් පරීක්ෂනවලදී යාපනය පොලීසිය මගින් මෙම කොටි සාමාජිකා මරණයට පත්වීම සම්බන්ධව විමර්ශනයේදී ඩික්සන් රාජමන්ත්‍රී, රොනී බර්තලමියුස් යන බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනා සහ අදාල කෝප්‍රල් වරයා එවකට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාස 10කට අධික කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ.
ඉන්පසු ඇප මත නිදහස්ව පැමිණි මෙම නිලධාරීන් යළීත් සක්‍රීය සේවයට එක්වී ඇති අතර මේ දක්වා නඩු විභාගය ත්‍රීකුණාමලය මහාධිකරණයේ විභාගවිය.

මරණ දණ්ඩනය නියම වූ මේජර් ඩික්සන් රාජමන්ත්‍රී යානපය අර්දධීපයේ වසර 11ක පමණ කාලයක් බුද්ධි රාජකාරීවල නිරතවෙමින් සිටි කොටි ත්‍රස්තවාදීන්ගේ රහස් මෙහෙයුම් හා ජාත්‍යන්තර වශයෙන් ලැබෙන සැපයුම් මාර්ග සොයා ගැනීමට සුවිශේෂි රාජකාරියක නිරත වූ නිලධාරියකු ලෙස ප්‍රකටය.

ඊට අමතරව සිව් වන ඊළාම් යුද්ධයේදී මුලතිව් අල්ලන මෙහෙයුම් සදහා වැලිඔය සිට ඇරඹි ක්‍රියාන්විතයේදී 55 වැනි සේනාංකයේ සන්නද්ධ බුද්ධි නිලධාරියා ලෙස කොටි නායක ප්‍රභාකරන්ගේ හදවත ලෙස පැවති මුලතිව් වන් – ෆෝ බේස් බලකොටුවේ කොටි මෙහෙයුම් අඩාල කරන්නට සුවිශේෂි බුද්ධි මෙහෙවරක් සිදුකළ නිලධාරියෙකි.

මෙම නිලධාරින් දෙදෙනාට මරණ දඩුවම ක්‍රියාත්මක කරන තෙක් මහනුවර බණ්ධනාගාරයේ රදවා තබා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More