පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිකිරීම වෙනුවට ඔවුන් සඳහා අතිවිශාල පහසුකම් රැසක් ලබාදීමට කැබිනට් මණ්ඩලය වෙත ගෙන එන ලද යෝජනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දැඩිව අවවාද කර නතර කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සතියේ කැබිනට් සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී ඊයේ (7) පෙරවරුවේ පැවැත්වුණි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනට සිටින කාර්ය මණ්ඩලයට අමතරව තවත් හත් දෙනකුගෙන් සමන්විත නව කාර්ය මණ්ඩලයක්, ඉන්ධන දීමනාවක්, දුරකථන හා නවීන පහසුකම් යටතේ කාර්යාලයක් පවත්වා ගැනීමේ දීමනාවක් ඇතුළු තවත් පහසුකම් රැසක් ඇතුළත් කරමින් අදාළ පැකේජය මන්ත්‍රීවරුන් වෙත ලබාදීමට යෝජනා කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් හා දීමනා ඉහළ දැමීම පිළිබඳව අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සහ තවත් ලේකම්වරු කිහිප දෙනකුගේ සහභාගීත්වයෙන් විශේෂ කමිටුවක් මීට පෙර පත්කර තිබුණි. එකී කමිටුව විසින් අදාළ යෝජනාව මෙවර කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.
රටේ ජනතාව ආර්ථික අපහසුතාවක සිටින මොහොතක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනතාවට පීඩාවක් ඇතිවන කිසිවක් නොකළ යුතු බවත් තමා කිසිවිටකත් එවැනි වරප්‍රසාද ලබාගැනීමට ඉඩ නොදෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...