දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමට හදිසියේම එස්.බී. දිසානායක…ඇමැතිවරයා කැඳවූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, සමෘද්ධි සහනාධාර කැපීම අත්හිටුවන ලෙස දුන් උපදෙස් නොසලකා හැර ඇති බවට දැඩි දෝෂාරෝපණයක් කළ බව වාර්තා වේ.
සමෘද්ධි සහනාධාර කපා හරින බවට පැමිණිලි ලැබීම නිසා එම ආධාර කපා නොහරින ලෙස ඇමැති මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් එස්.බී. දිසානායක ඇමැතිවරයාට උපදෙස් දී තිබිණි.

සමෘද්ධි සහනාධාර කපාහැර ඇති බවට ඒකාබද්ධ විපක්ෂය සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා පාර්ලිමේන්තුවේදී චෝදනා කළ අවස්ථාවේ කිසිදු ඇමැතිවරයකු ඒ සම්බන්ධයෙන් කරුණු දක්වා ජනාධිපතිවරයා විසින් සමෘද්ධි සහනාධාර කපා නොහරින ලෙසට කැබිනට් මණ්ඩල රැස්වීමේදී උපදෙස් දී ඇති බව සඳහන් නොකිරීම ගැන ජනාධිපතිවරයා එහිදී සිය කනස්සල්ල පළකළ බවද දැනගන්නට ඇත.

මේ අවස්ථාවේ එම රැස්වීමේ සිටි ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති නිමල් ලන්සා “ආණ්ඩුව නාගෙන ඉන්න වෙලාවේ සමෘද්ධි සහනාධාර කපල තවත් නාගන්න එපා. සමෘද්ධි කැපුවොත් අපි මිනිස්සුත් එක්ක පාරට බහිනවා.” යැයි එස්.බී. දිසානායක ඇමැතිවරයාට පැවැසූ අවස්ථාවේ දෙදෙනා අතර දැඩි වචන හුවමාරුවක් සිදුවූ බවටද තොරතුරු වාර්තා වේ.

තවත් ජේ‍යෂ්ඨ ඇමැතිවරුන් දෙදෙනකු සමඟද බහින්බස් වී ඇති දිසානායක ඇමැතිවරයා “බූරුවෙක් වගේ කතා කරන්න එපා” යනුවෙන් එම එක් ඇමැතිවරයකුට පැවැසීම කාගේත් අප්‍රසාදයට ලක්වූ බවත් ඇමැතිවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාද සිය අප්‍රසාදය පළකළ බවත් දැනගන්නට ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More