ප‍්‍රධාන පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් ආණ්ඩුවේ කොටස්කාර පක්ෂයක් ලෙස කටයුතු කරන බැවින් ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ලබාදීම අවශ්‍ය නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ‍ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ලබාදෙන ලෙස ඔවුන් කථානායකවරයාට ඉල්ලීමක් කර තිබුණි. මෙම ඉල්ලීම සම්බන්ධයෙන් එජනිස ස්ථාවරය පැහැදිලි කරන ලෙස කථානායක කරු ජයසූරිය මහතා මහින්ද අමරවීර මහතාට දුන් දැනුම් දීමට පිළිතුරු දෙමින් මහින්ද අමරවීර මහතා කථානායකවරයාට මෙම දැනුම් දීම කර ඇත.

ශ්‍රීලනිපයේ ආණ්ඩුව නියෝජනය කරන ‍‍‍ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු කිහිපදෙනකු ඊයේ (6) සවස කළ සාකච්ඡාවකින් අනතුරුව කථානායකවරයාට මෙම දැනුම් දීම කර ඇත.

ඒ අනුව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයේ වෙනසක් සිදුවිය යුතු නැතැයිද මහින්ද අමරවීර මහතා යැවූ ලිපියේ තවදුරටත් සඳහන් කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More