මන්නාරම ස.තො.ස. ගබඩා සංකීර්ණය අසලින් හමුවූ සමූහ මිනීවළෙන් ඉකුත් සෙනසුරාදා (4දා) සවස් වන විට පුද්ගලයන් 66 දෙනකුට අයත් ඇටසැකිලි හා අස්ථි කොටස් හමුවී තිබේ.
මෙම ඇටසැකිලිවලින් මනා ලෙස හඳුනා ගත හැකි විනාශ නොවූ මිනිස් ඇටසැකිලි 66ක් පාර්සල් 440ක අඩංගු කොට ඇති අතර සෙසු කොටස් තවමත් ඒ ආකාරයෙන්ම පවතින බව මන්නාරම සමූහ මිනීවළේ කැණීම් කටයුතු භාර නිලධාරියකු පැවැසීය.
මෙසේ කැනීම් මඟින් ඉවත් කරගත් අස්ථි කොටස් ඇමරිකාවේ කැලිෆෝනියාවේ පිහිටි කාබන් පරීක්ෂා කිරීමේ රසායනාගාර වෙත යොමු කිරීමට අධිකරණ අමාත්‍යාංශය හරහා ඉල්ලීම් කොට ඇති බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
මන්නාරම පැරණි සතොස ගොඩනැඟිල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් වැසියෙකුට හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබීය.
මන්නාරම පොලිසිය අදාළ ස්ථානය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පළමුව මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි.ඇලෙක්ස්රාජා මහතාගේ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කරනු ලැබීය.
පුරාවිද්‍යා නිලධාරීන්,රජයේ රස පරීක්ෂක නිළධාරීන්,අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ වර්තමානයේ දින 46 ක කාලයක් අදාළ ස්ථානයේ මේ වන විට පරීක්ෂණ පවත්වා ඇති අතර, එහිදි මිනිස් සිරුරු 62 කට අදාළ හිස් කබල් කොටස් හා තවත් අස්ථි කොටස් සොයාගෙන ඇති බවද මන්නාරම පොලිස් නිලධාරීන් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...