ප‍්‍රධාන පුවත්

පාර්ලිමේන්තුවේ විපක්‍ෂනායක ධුරය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂය විසින් කළ ඉල්ලීමට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ තීන්දුව අද (06 වැනිදා) සවස කථානායකවරයා වෙත භාරදෙන බව එම සන්ධානයේ මහ ලේකම් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.

විපක්‍ෂනායක ධුරයට දිනේෂ් ගුණවර්ධන සහ කුමාර වෙල්ගම යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇති අතර බහුතරයගේ කැමැත්තවී ඇත්තේ දිනේෂ් ගුණවර්ධන මහතාට විපක්‍ෂනායක ධුරය ලබාදීම බවද ඇමැතිවරයා සඳහන් කළේය.

දිනේෂ් ගුණවර්ධන මහතා විපක්‍ෂනායක ලෙස පත් කළ යුතු බවට කැමැත්ත පළකර ඇත්තේ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන් අට දෙනකු පමණ බවත් කුමාර වෙල්ගම මහතා විපක්‍ෂනායක ලෙස පත් කළ යුතු බවට පළාත් පාලන මන්ත්‍රීවරුන් බහුතරයක්‌ යෝජනාවක්‌ සම්මත කරගෙන ඇති බවත් මහින්ද අමරවීර ඇමැතිවරයා කීවේය.

ඇතැම්විට මෙම දෙදෙනාම නොවී වෙනත් අයකුගේ නමක්‌ යෝජනා වීමට ඉඩ ඇති බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම තත්ත්වය මත අද උදැසන රැස්‌වන එ. ජ. නි. ස. පක්‍ෂනායක රැස්‌වීමේදී විපක්‍ෂනායක ධුරයට පත් කළ යුතු පුද්ගලයා සම්බන්ධ අවසන් තීන්දුවක්‌ ගනු ලබන බවත් එම තීන්දුව අද පස්‌වරුවේ කථානායකවරයාට දැනුම් දෙන බවත් ඇමැතිවරයා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More