මුහුණු පොතෙන්

මේ දවස්වල එක පාරටම එජාපය කරවන රනිල්, මංගල ගෑනු සිඹින, ගෑනු නළවන පින්තූර බුකියට එනවා. මේවා දකින බයියෝ විහිළුවට වචනයක් දෙකක් දාලා ශෙයාර් කරනවා.

මට නම් හිතෙන්නේ මේක එජාපයේ ප්‍රචාරණ ජාලයේ වැඩක්. එජාපය කරවන පිරිස සමලිංගිකයෝ කියලා අද සමාජයේ විශාල මතයක් තියෙනවා. ඒ සඳහා සාක්ෂි වන පින්තූර, කතා බුකියේ නිතර හුවමාරු වෙවා.

එය ඔවුන්ගේ ඡන්ද පදනමට අහිතකර ලෙස බලපාන බව දැන් දැන් ඔවුන් අවබෝධ කරගෙන තියෙනවා. ගතානුගතික එජාප පාක්ෂිකයින් පවා මේ ගැන ඉන්නේ ලැජ්ජාවෙන්….

මේ නිසා ජනතාව ප්‍රතික්ෂේප තමන්ගේ ඒ සැබෑ ජීවිතය වෙනුවට ජනතාව ඉල්ලා සිටින ජීවිතයක් රඟපාමින් ජනතාව රවට්ටමින් හෝ 2020 බලය රැක ගැනීමට සූදානම් වන බව පේනවා.

මේක මට හිතුණේ රනිල් ගැරඬි කුණක් ඉඹිනවා වගේ පිළිකුළෙන් කාන්තාවක ඉඹින පින්තූරය දුටු විටයි. එය අවට සිටින අයට පවා අසාමාන්‍ය අත්දැකීමක් බව ඔවුන්ගේ හැසිරීමෙන් පේනවා. මටත් හිනාගියා..

ඒ පින්තූරය දැකලා දවසක් යන්නත් මෙන්න මංගලත් පුටු ඇන්දක කාන්තාවක් වාඩි කරගෙන ෆේස්බුක් එකට පින්තූරයක් දාලා. දැන් නම් මේක එජාප ප්‍රචාරණ ජාලයේ මොළ සෝදන තවත් වැඩක් කියලා පැහැදිලියි.

වැඩේ කියන්නේ මේ සාගල එක්ක කැබිනට් රැස්වීම් කොරන්න හෙලිකොප්ටරයේ 66 පාරක් ජනතා බදු මුදලින් දෙනියායට ගිය රනිල්ගේ ඊ ළඟ ඇම කියලා මහරුන්ට නිච්චියක් නෑ. මේ ජාත්‍යන්තර සමුළුවලට රටේ සල්ලිවලින් ලොල්ලෝ අරන් ගිය මංගල කියලා දැන් එයාලාට මතක නෑ.

හෙට අනිත්දා සාගල, අකිල, වැලිඅංගේ, මලික් වගේ අයගේ පින්තූරත් එයි. එයාලගේ ස්ත්‍රී ප්‍රේම කතා, එයාලාගේ අනියම් ගැහැනු ගැන මඩ කතා වගේ කතා එයි. අරමුණ සමලිංගික හංවඩුව සමාජයට අමතක කරලීමයි. ඒ නිසා දුරස් වන පාක්ෂිකයා නැවත දිගේලි කරලීමටයි.

අපේ අයත් ඒවා ශෙයාර් කරලා එජාපයේ බලාපොරොත්තුව ඉටු කරලා දෙන්න කටයුතු කරයි. ඒ නිසා මේ පිටුපස ඇති අරමුණු මොනවාද කියන එක දැන්වත් තේරුම් ගැනීමට කටයුතු කිරීම හොඳයි…

–නාමල් උඩමලත්ත–



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More