ප‍්‍රධාන පුවත්

විශේෂ තත්ත්වයක් තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් හේතුවෙන් මරණීය දණ්ඩනය නියම වූවන්ට එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ ඒකමතික කැමැත්ත ලැබුණු බවත් කුමන තත්ත්වයක් තුළ වුවද එය ක්‍රියාත්මක කරන බවත් සමකැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

වරදකරුවන් බන්ධනාගාරගත කිරීමෙන් පුනරුත්ථාපනය වීමට අවස්ථාව ලබා දෙන විට ඔවුන් නැවතත් පුරුදු ජාවාරම්වල නියැලීම මැඩපැවැත්වීම මෙවැනි දැඩි නීතියක් ක්‍රියාත්මක කළ යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

සිරකරුවන්ගේ ජාවාරම්වලට සහාය ලබාදීමට කටයුතු කරනු ලබන බන්ධනාගාර නිලධාරීන්ට ද දැඩි දඩුවම් ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More