සැලසුමක් නැතිව බලයට පැමිණි ආණ්ඩුවේ එකම ඉලක්කය දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කරමින් වෛරය පැතිරවීම පමණක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ප්‍රකාශ කළේය.
හෙතෙම එසේ පැවැසුවේ ‘හරිමඟ’ දෙවැනි සම්මන්ත්‍රණයට සහභාගි වෙමින්ය. වැල්ලවත්ත එම්.අයි.සී.එච්. ශාලාවේදී පසුගියදා (01දා) පැවැති එම සම්මන්ත්‍රණය මුස්ලිම් ප්‍රජාව විසින් සංවිධානය කොට තිබුණු අතර එහිදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
මේ රටට සාමය ගෙන ඒමේ ජයග්‍රහණයට නොදෙවැනි ජයග්‍රහණ රැසක්ම යුද්ධයෙන් පසුවත් රටට ගෙන ඒමට අපට හැකි වුණා. අවුරුදු ගණනාවක් තිස්සේ තිබූ යුද්ධය නිසා සියලුම ජන කොටස්වලට ජීවත්වීමේ අයිතිය අහිමි වී තිබුණා.
යුද්ධය අවසන් වෙලා වසර 5ක කාලය තුළ තමයි සංවර්ධන කාර්ය කරන්න සිදු වුණේ. උතුරු – නැඟෙනහිර ප්‍රදේශ සංවර්ධනයට විශාල අභියෝගයක් තිබුණා. ත්‍රස්තවාදය අවසන් කරන්න කැපවුණු සෙබළු එම ප්‍රදේශවල සංවර්ධනයට විශාල වැඩ කොටසක් කළා. ලක්‍ෂ 3ක් පමණ අවතැන් වූ ජනතාව යළි පදිංචි කරන්න කටයුතු කළා.
2015 අපි රට භාරදෙන කොට මාර්ග බාධක තිබුණේ නැහැ. ඒත් 2005 වන විට මීටර් සියයෙන් සියයට මාර්ග බාධක යොදා තිබුණා.
කොළඹ ඇතුළු නගර සංවර්ධනයට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා මට උපදෙස් දුන්නා. ඒ අනුව කොළඹ නගරයේ ජනතාවට මුහුණපාන්න සිදුවුණු ගැටලු හඳුනා ගත්තා. පැල්පත් නිවාස වෙනුවට නව නිවෙසක් සඳහා විශාල වැඩසටහනක් පටන් ගත්තා. නිවාස ඒකක පනස් දහසක් ආරම්භ කළ අතර නිවාස ඒකක පන්දහසක් 2014 වනවිට භාර දුන්නා.
එදා අපි නිවාස හදනවිට විවිධ ප්‍රචාර ගෙන ගියා. මුස්ලිම් ජනතාව කොළඹින් පිට කිරීමට කටයුතු කරන බව කිව්වා. අපි ඒක තේරුම් කර දෙන්න කටයුතු කළත් ඇතැමුන් ගෙතූ බොරු විශ්වාස කළා. අපි වැඩියෙන්ම නිවාස දුන්නේ දෙමළ හා මුස්ලිම් ජනතාවටයි.
එදා කොළඹ නගරය හා ඒ අවට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහත්තයාට පක්‍ෂපාතීව තිබුණේ නැහැ. ඒත් සංවර්ධනය කරන කොට ඒක ගණන් ගත්තේ නැහැ. ලෝකයේ අනෙකුත් නගර වගේ පහසුකම් ඇති අගනගරය ලෙස දියුණු කිරීමට පියවර ගත්තා.
සංවර්ධනයේදී සෑම ජන කොටසකටම ප්‍රතිලාභ ලැබිය යුතුයි. එය එක ප්‍රදේශයකට හෝ එක පිරිසකට පමණක් සීමා වන්නේ නැහැ. මහින්ද චින්තනය ඒකයි. සුළු හා මධ්‍ය ව්‍යාපාරිකයන් ඇති කරන්න කටයුතු කළේ ඒ වෙනුවෙනුයි.
අද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් අපහසු තත්ත්වයට පත් වෙලා. ආර්ථිකය කඩා වැටීමට අමතරව බදු පැනවීම නිසා ව්‍යාපාර තව තවත් අඩපණ කරන තත්ත්වයට පත් වෙලා.
ඉදිකිරීම් අංශය සම්පූර්ණයෙන් කඩා වැටීමෙන් සෘජු හා වක්‍ර රැකියා නැවතිලා. මේ ආණ්ඩුවේ අදූරදර්ශී බව ඊට හේතුවයි. ඒ වගේම අද කුමන ක්‍ෂේත්‍රයක හෝ අයකුට කතා කළොත් ඒක දැනගන්න පුළුවන්.
මේ ආණ්ඩුව බලයට පත් වුණේ සැලසුම් නැතිවයි. තීරණ ගන්න පුළුවන් නායකයකු නැහැ.
අපි සටන් කළේ ත්‍රස්තවාදයට එරෙහිව මිසක් දෙමළ ජනතාවට විරුද්ධව නොවේ. එම ජනතාවට එරෙහිව කටයුතු කළා නම් දෙමළ හා මුස්ලිම් ජනතාව එම ප්‍රදේශවලින් ඇවිත් කොළඹ පදිංචි වන්නේ නැහැ.
යහපාලන ආණ්ඩුව බලයට ආවේ නීතියේ ආධිපත්‍ය යටතේ පාලනය කරනවා කියලයි. යුද්ධය අවසන් කළ පසු උතුරේ ආරක්‍ෂාව තහවුරු කළා. පෝස්ටරයක්වත් ඇලෙව්වෙ නැහැ. අද ඒ තත්ත්වය වෙනස් වෙලා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...