රට පුරා රජයේ රෝහල්වල ක්‍රියාත්මක වූ පැය විසිහතරක වෛද්‍ය වැඩ වර්ජනය අද 04 දා පෙරවරු 8.00 ට අවසන් වුවත් සිය ඉල්ලීම්වලට විසඳුම් නොලැබෙන්නේ නම් ඉදිරියේදී වර්ජන රැල්ලක් ඇතිවීම වැළැක්‌විය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
ඉදිරි ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව එළැඹෙන සතියේදී රැස්‌වන බවත් සෙසු වෘත්තිය සමිති ද සමග එක්‌ව වඩාත් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයන් අනුගමනය කිරීමට අනාගතයේදී සිදුවනු ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීවේය.
සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම ඇතුළු කරුණු ගණනාවකට විසඳුම් ලබාදෙන ලෙසට දිගින් දිගටම ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන් දැනුවත් කළත් කිසිදු සාධනීය මැදිහත්වීමක් සිදු නොවූ නිසා වැඩ වර්ජනය ස්‌ථිර වූ බව කී වෛද්‍ය අලුත්ගේ මහතා ජනතාවට ඉතා සංවේදී වැඩ වර්ජනයක් සම්බන්ධයෙන් බලධාරීන්ගේ ප්‍රතිචාර කනගාටුදායක බවද ප්‍රකාශ කළේය.
රටට හා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට බලපාන කරුණු දහයක් මෙම වර්ජනයට නිමිති වූ තත්ත්වය යටතේ ලද ප්‍රතිචාර අවාසනාවන්ත බවද මෙම වර්ජනයෙන් රෝගීන්ට වූ බලපෑම පිළිබඳ වගකිම පැහැදිලිව බලධාරීන් විසින් භාරගත යතු බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීවේය.
අජිත් අලහකෝන්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...